මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “දිවි නැගුම සහන අරුණ” දෙදිනකදී දස ලක්ෂ 740ක් ප්‍රතිලාභීන් 50,132කට ලබාදේ Featured

    සැප්තැම්බර් 02, 2014
    දිවි නැගුම සහන අරුණ යෝජනා ක්‍රමය අරඹා දෙදිනක් තුළදී රටපුරා පිහිටි දිවි නැගුම ප්‍රජා මූල බැංකු මගින් ප්‍රතිලාභීන් 50,132කට රුපියල් දස ලක්ෂ 740ක් ණය ලබාදී තිබේ. එය උත්සවාකාරයෙන් ආරම්භ කළේ ඊයේ (01) ය.
     
    මෙම ප්‍රතිලාභීන්ට අසුරු සැනින් රුපියල් 50,000ක උපරිමයක් දක්වා මුදල් ලබාදී ඇත්තේ ඇපකරුවන්, වයස් සීමාවන්, බැඳුම්කර සහ අමතර ලියකියවිලි නොමැතිව වී ම විශාල පිරිසක් යෝජනා ක්‍රමයට මෙසේ දායක වීමට හේතු වී තිබේ.
     
    දිවි නැඟුම සහන අරුණ අරමුදලින් ප්‍රතිලාභීන් මුදල් ලබාගෙන ඇත්තේ කෘෂි, පශුසම්පත්, ධීවර සහ ගෘහ ආර්ථික අංශයන්හි ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතින් ක්‍රියාත්මක කිරීම සහ වැඩිදියුණු කරගැනීම සඳහාය. 
     
    ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 327ක පිහිටි දිවි නැඟුම ප්‍රජාමූල බැංකු 1073 මගින් ප්‍රතිලාභීන් දසලක්ෂයකට අධික පිරිසක් මෙම මාසය තුළදී සහන අරුණ යෝජනා ක්‍රමයට දායක වී ප්‍රතිලාභ අත්කර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya