මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තේ කර්මාන්තයේ වාර්තාගත වර්ධනයක්

    සැප්තැම්බර් 02, 2014

    මෙතෙක් ඉතිහාසයේ වැඩි ම තේ නිෂ්පාදනයත්, වැඩි ම අපනයන ඉලක්කයත්, වැඩි ම මිලත්, වැඩි ම විදේශ විනිමය උපයා ගැනීමට මෙම වර්ෂයේදී හැකි වූ බව වැවිලි කර්මාන්ත ඇමති මහින්ද සමරසිංහ මහතා ඊයේ (01) වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේ දී ප්‍රකාශ කළේය.

    2014 මුල් මාස 06 හා 2013 මුල් මාස 06 සැසඳීමේදී අපනයන ඉලක්කය 7.5%කින්ද විදේශ විනිමය 18%කින් ද වර්ධනය වී ඇත. මේ අතර තේ මිල 9.8%ක වැඩිවිමක් හා නිෂ්පාදනයේ 2%ක වර්ධනයක්ද සිදු වූ බව මහින්ද සමරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

     

    මෙම වර්ධනයට හේතුන් වශයෙන් කුඩා තේ වතුහිමියන් ශක්තිමත් කිරීම පෙන්වා දිය හැකිය. නව වගාවන් සඳහා මුදල් ලබා දීමත්, පොහොර සහනාධාර ලබා දීමත් මේ අතර ප්‍රධාන වේ. අයහපත් කාලගුණික තත්ත්වයන් පැවතියත් මෙවැනි ශක්තිමත් කිරීම් තුළින් නිෂ්පාදනය වැඩි වී ඇත.

     

    වර්තමානයේ සිදු කරනු ලබන වැටලීම් මගින් කසල තේ වැනි දේවල් පාලනය කිරීමට හැකි වූ බවත් ඉදිරියේදී තේ නිෂ්පාදනයේදී අවම වශයෙන් 60%ක් හොඳ තේ දළු භාවිත කරන බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියේය. තේ දළු ප්‍රවාහනයට ඉදිරියේදී බහාලුම් භාවිත කරන බවත් මෙම බහාලුම් මිලට ගැනීමට අවශ්‍ය මුල්‍ය පහසුකම් තේ දළු නිෂ්පාදකයන් වෙත ලබා දීමට කටයුතු කරන බවත් මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

     

    වර්තමානයේදී සාම්ප්‍රදායික තේ වෙළෙඳපලට අමතර ව අලුත් වෙළෙඳපළක් බිහි වී ඇති බවත් චීනයේ තේවලට ඇති වැඩි ම ප්‍රතිශතය ශ්‍රී ලාංකික තේවලට හිමි ව ඇති බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය.

     

    චීන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා නිල සංචාරයේදී නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවත් මෙම ගිවිසුමට තේ හා රබර්ද ඇතුළත් ව ඇති බවත් අධික ජනගහණයක් ඇති රටක් හා ගිවිසුමක් ඇති කර ගැනීම තුළින් අසීමිත අවස්ථා ශ්‍රී ලංකාවට උදා කර ගත හැකි බවත් මහින්ද සමරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

     

    වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය දමිතා ද සොයිසා හා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපතිනී ජානකී කුරුප්පු මහත්මීහු ද රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.බී. ප්‍රේමදාස මහතා ද මේ අවස්ථාවට එක් ව සිටියහ.
    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya