මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද හලාවත, ගල්ගමුව, ලග්ගල සහ මන්කාඩු නගරවලට හිරු මුදුන් වෙයි Featured

    සැප්තැම්බර් 03, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම) අද (03) දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණයක් සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල තැනින්තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

     

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී සූර්යයා, මෙම අගෝස්තු මස 28 දින සිට සැප්තැම්බර් 07 දින දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතී. අද (02දා), දහවල් 12.10ට හලාවත, ගල්ගමුව, ලග්ගල සහ මන්කාඩු යන නගරවලට හිරු මුදුන්ව පවතී.

     

    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    නුවරඑළිය, මහනුවර, රත්නපුරය, ගාල්ල සහ කොළඹට වැසි වාර කිහිපයක් ඇති වේ.


    ත්‍රිකුණාමලය සහ මඩකළපුවට අපරභාගයේදී  හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැස්සක් ඇති විය හැක.


    යාපනය, අනුරාධපුරය සහ මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැත.  


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.0°C ත්‍රිකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.5°C පොලොන්නරුව ප්‍රදේශයෙන්  ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.6°C නුවරඑළියෙන් ද මි.මී. 50.7ක උපරිම වර්ෂාපතනය දංකොටුව මැල්ලව ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    ඊයේ රාත්‍රී 8.30 වනවිට මි.මී. 32.9ක වර්ෂාපතනයක් බදුල්ලෙන් ද අද අලුයම 2.30 වනවිට මි.මී. 38.6ක් කොළඹින් ද මි.මී. 38.2ක් රත්නපුර ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya