මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තාක්ෂණවේදී විෂය හදාරණ දරුවන්ට රූපවාහිනී පාඩම් මාලාවක්

    සැප්තැම්බර් 01, 2014

    අධ්‍යයන පොදු සහතිකපත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා හඳුන්වා දුන් නව තාක්ෂණවේදී විෂය ධාරාව, එම විෂය ධාරාව හදාරණ සිසු දරුවන්ට විෂය කරුණු පහසු කරලීම උදෙසා රූපවාහිනී පාඩම් මාලාවක් ලෙස ලබන 06 දින සෙනසුරාදා පෙරවරු 5.00 සිට 6.00 ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.


    ඉංජිනේරු හා ජෛව පද්ධති තාක්ෂණ විෂය පාඩම් මාලා සියයක් රූපවාහිනී සංස්ථාව මඟින් මේ අනුව විකාශය කෙරේ. 

     

    මේ අනුව නිවසේ සිට පාඩම් මාලාව හැදෑරීමට උසස් පෙළ සිසුන්ට හැකියාව ලැබෙන අතර සෑම‍ සෙනසුරාදා දිනකම මේ පාඩම් මාලාව පෙරවරු 5.00 සිට 6.00 දක්වා විකාශය කිරීමට නියමිතය. 

     

    අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික රූපවාහිනිය, යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය ඒකාබද්ධ ව මේ පාඩම් මාලාව නිකුත් කරනු ලබයි.

    ගන්නෝරුව කෘෂි පර්යේෂණ ආයතනය, මහඉලුප්පල්ලම ජර්මානු තාක්ෂණික ආයතනය, ඔරුගොඩවත්ත මෝටර් කාර්මික ආයතනය, ගොඩගම සහ යෞවන කටයුතු නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ කාර්මික විද්‍යාලය අනුබද්ධව පාඩම් මාලා රූගත කර ඇත.

    ප්‍රායෝගික ක්‍රියාකාරකම් මෙන් ම ක්ෂේත්‍රවල සිදු කළ ක්‍රියාකාරකම් සහිත මේ පාඩම් මාලාව උසස් පෙළ තාක්ෂණ විෂය ධාරාව හදාරණ සිසුන්ට මනා අත්වැලක් සපයන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසීය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya