මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෑම් විජේසිංහ අවසන් කටයුතු අද

    සැප්තැම්බර් 01, 2014

    අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් වරයෙකු වන සෑම් විජේසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (01) පස්වරුවේ බොරැල්ල පොදු සුසානභූමියේ දී සිදු කෙරේ.


    අභාවප්‍රාප්ත වන විට 93 වැනි වියේ පසු වූ විජේසිංහ මහතා ගැටමාන්න මිශ්‍ර පාසල, මාතර රාහුල විද්‍යාලය,කොළඹ ආනන්ද විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයන්හි අධ්‍යාපනය ලබා ඇති අතර අධිනීතිඥවරයෙකු මෙන් ම උපාධිධරයෙකි. 1963 සිට පාර්ලිමේන්තු මහලේකම්වරයා ලෙස කටයුතු කර ඇත. ඔහු  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම ඔම්බුඩ්ස්මන්වරයාද විය. ඔහු විවෘත විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස 2006 ජූනි මාසයේ දී පත් කෙරිණි.


    බෙලිඅත්ත, ගැටමාන්නේ, වත්තේහේන වලව්වේ දී 1921 ජූනි 27 උපත ලැබූ විජේසිංහ මහතා ගැටමාන්නේ දොන් ඊලියස් විජේසිංහ මහතාගේ සහ දෝන සොනායා මඩවල කුලතුංග මහත්මියගේ දරුවන් සය දෙනාගෙන් බාලම පුත්‍රයා විය. සෑම් විජේසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී රජීව විජේසිංහ මහතාගේ පියාණන් ද වෙයි.


    සෑම් විජේසිංහ මහතා සිය 91 වැනි ජන්ම දිනය සමරන ලද අවස්ථාවේ ඒ මහතාගේ නිවසට ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ මහතාට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කොට සුභ පැතීය.

     

    HC

     

    Sam wijesinghe 91st birthday

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya