මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින වටා මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි - තද සුළං

    සැප්තැම්බර් 01, 2014

    අද (01) දිවයිනට උතුරු සහ ඊසාන සහ ගිනිකොන දෙසින් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැ.කි.මී. 60 දක්වා ඉහළ යාමට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ  සුළං වේගය විටින් විට පැ.කි.මී. 70-80 පමණ දක්වා ඉහළ යා හැක.


    අද උදෑසන 05.30ට මුහුදු ප්‍රදේශ සඳහා නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වේ. සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40ක් පමණ වේ.  


    බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය විටින් විට ඉතා රළු විය හැකි අතර මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ. කි. මී. 50-60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya