මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද මුරුන්දන්වෙලි, සිංහාරගම, දිවුල්වැව සහ සෝමපුර නගරවලට හිරු මුදුන් වෙයි Featured

    සැප්තැම්බර් 01, 2014

    අද (01) දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මඳ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව මධ්‍යම කඳුකරයේ ද දිවයිනේ උතුරු කොටසේ සහ දිවයිනට උතුරු, ඊසාන සහ නැගෙනහිර දෙසින් වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ද සුළං වේගය විටින් විට පැ.කි.මී. 60 දක්වා ඉහළ යාමට ඉඩ ඇත. බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ  සුළං වේගය විටින් විට පැ.කි.මී. 70-80 පමණ දක්වා ඉහළ යා හැක.


    දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී සූර්යයා, මෙම අගෝස්තු මස 28 දින සිට සැප්තැම්බර් 07 දින දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතී. අද (01), දහවල් 12.11ට මුරුන්දන්වෙලි, සිංහාරගම, දිවුල්වැව සහ සෝමපුර  යන නගරවලට හිරු මුදුන් ව පවතී.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    නුවරඑළිය, මහනුවර, රත්නපුරය, ගාල්ල සහ කොළඹට මඳ වැසි වාර කිහිපයක් ඇති වේ.


    මඩකළපුවට අපරභාගයේදී  හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැස්සක් ඇති විය හැක.


    යාපනය, ත්‍රිකුණාමලය, අනුරාධපුරය සහ මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැත.  


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.0°C ත්‍රිකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.2°C පොතුවිල් ප්‍රදේශයෙන්  ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 17.6°C නුවරඑළියෙන් ද මි.මී. 5.9ක උපරිම වර්ෂාපතනය යටියන්තොට ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya