මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාකිස්තාන ගුවන් හමුදාපති යුද හමුදාපති හමුවේ

    අගෝස්තු 29, 2014
    ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක නියුතු පාකිස්තාන ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් තාහීර් රාෆීක් බට් (Tahir Rafique Butt) මහතා ඊයේ (28) යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක මහතා මුණ ගැසී සාකච්ඡා පැවැත්වීය.
     
    පාකිස්තාන ගුවන් හමුදාපතිවරයා පිළිගැනීම වෙනුවෙන් ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ ක්‍රීඩාංගණයේ දී උත්තමාචාර පෙළපාළියක් ද පැවැත්විණි.
     
    මෙම හමුවේදී දෙරටටම වැදගත්වන කරුණු සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක් පැවැත්විණි.
     
    සාකච්ඡාව අවසානයේදී මෙම අවස්ථාව සිහිපත්වීම සඳහා සිහිවටන තිළිණ හුවමාරු කරගැනීමක් ද සිදු වු අතර යුද හමුදා මූලස්ථානයේ අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි ද පාකිස්තාන ගුවන් හමුදාපතිවරයා සටහන් තැබීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya