මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පකිස්තාන ගුවන් හමුදාපති ආරක්ෂක ලේකම් හමුවෙයි Featured

    අගෝස්තු 29, 2014
    දැනට ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නියුතු පකිස්තාන ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් තාහීර් රාෆීක් බට් මහතා ඊයේ (28) ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී එම අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසිණ.
     
    මෙම හමුවේදී ආරක්ෂක ලේකම්වරයා හා පකිස්තාන ගුවන් හමුදාපතිවරයා අතර දෙරටටම වැදගත්වන කරුණු සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක් පැවැත්විණි.
     
    සාකච්ඡාව අවසානයේදී මෙම අවස්ථාව සිහිපත්වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා හා එයාර් චීෆ් මාර්ෂල් තාහීර් රෆීක් බට් මහතා අතර සිහිවටන තිළිණ හුවමාරු කරගැනීමක්ද සිදුවිය.
     
    මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක සහ එයාර් කොමදෝරු හමීඩ් රාෂීඩ් රන්දාවා යන මහත්වරු ද සහභාගී වූහ. 
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya