මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපානය ලංකාවට පෙට්‍රල් නැව් සැපයීමට තීරණය කරයි

    අගෝස්තු 25, 2014
    ජපන් රජය විසින් දකුණු ආසියාතික රටවල වෙරළාසන්න ආරක්ෂාව ශක්තිමත් කිරීමට සහය දක්වනු පිණිස ශ්‍රී ලංකාවට පෙට්‍රල් නැව් සැපයීමට සැලකිලිමත් වෙමින් සිටින බව ජපන් රාජ්‍ය මූලාශ්‍ර පවසා ඇති බව ඊයේ (24) ක්යොඩෝ පුවත් වාර්තා කළේය.
     
    ක්යොඩෝ පුවත් සඳහන් කරන පරිදි ලබන සැප්තැම්බරයේදී ජපන් අගමැති ශින්සෝ අබේ මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී මෙම සැලසුම ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් වෙත ලබා දීමට කටයුතු කරනු ඇත.
     
     
    මූලාශ්‍ර පවසන පරිදි මැදපෙරදිග සිට ජපානය දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන ඉන්ධන නැව් ගමන් ගන්නා ඉන්දියන් සාගරයේ මුහුදු මාර්ග ආරක්ෂාව තර කිරීමට මෙමඟින් ටෝකියෝ අපේක්ෂා කරයි.
     
     
    චීනය විසින් ඉන්දියන් සාගරයට ළගා වීමට පැහැදිලිව ප්‍රයත්නයක් දරමින් ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් දකුණු ආසියානු රටවලට සහය දක්වන කාලවකවාණුවක මෙම සැලැසුම ද එළිදරවු වී ඇත.
     
     
    ජපන් අගමැතිගේ ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව කොපමණ නැව් ප්‍රමාණයක් සපයනවාදැයි ටෝකියෝ තීරණය කරනු ඇත. ජපානය විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට අලුතෙන් නැව් නිෂ්පාදනය කරනවාද නැත්තම් දැනටමත් ජපානය විසින් පාවිච්චියට ගන්නා වෙරළාරක්ෂක යාත්‍රා ලබා දෙනවාදැයි තීරණය කිරීමට දෙරටේ නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
     
     
    ශ්‍රී ලංකාවට නැව් මිළට ගැනීමට ණය පහසුකම් සැලසීමටද ජපන් රජය විසින් සැලකිලිමත් බැව් මූලාශ්‍ර වැඩිදුරටත් හෙළි කොට ඇත.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya