මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශිල්ප 2014 - 28දා සිට

    අගෝස්තු 25, 2014
    ශිල්ප 2014 ජාතික හස්ත කර්මාන්ත උළෙල ලබන 28 සිට 31දා දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.
     
    ප්‍රදර්ශනය ආරම්භක දිනයේ දී (28) පස්වරු 3.30ට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වන අතර එදින සිට දිනපතා පෙරවරු 10.00 සිට පස්වරු 8.00 දක්වා ප්‍රදර්ශනය විවෘත ව පවතී.
     
    ශිල්ප 2014 ජාතික හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනයට සමඟාමීව විසිත්රූ නව නිර්මාණ ප්‍රදර්ශනය, විසිත්මා නිර්මාණ සංවර්ධන වැඩසටහන, නව නිමැවුම් ප්‍රදර්ශනය, craft alive විලාසිතා දැක්ම, හස්ත කර්මාන්ත අලෙවිපොළ හා දේශීය සංස්කෘතිකාංග රැසකින් ද සමන්විත වේ.
     
    දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන් ඇගයීමට ලක්කිරීම උදෙසා සෑම වසරක් පාසාම පවත්වනු ලබන මෙම තරගය ජාතික ප්‍රදර්ශනයට පෙර පළාත් 9ම ආවරණය වන පරිදි පවත්වනු ලැබූ පළාත් තරගයෙන් ජයග්‍රහණය කළ නිර්මාණ 200ක් පමණ මෙහිදී ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත. එහිදී ස්වර්ණ, රජත, ජාතික ප්‍රථම, දෙවන, තෙවන හා කුසලතා ලෙස ජයග්‍රහණය ලබාදීම සිදු කෙරේ. 
     
    සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය, ජාතික මෝස්තර මධ්‍යස්ථානය, තල් සංවර්ධන මණ්ඩලය, කිතුල් සංවර්ධන මණ්ඩලය එක්ව මෙය සංවිධානය කරනු ලබයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya