මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු ආසියාවේ හොඳම විශ්වවිද්‍යාල 100 අතරට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල 06ක් Featured

    අගෝස්තු 25, 2014
    ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල 06ක් දකුණු ආසියාවේ හොඳම විශ්වවිද්‍යාල 100 අතරට පැමිණ ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කොට ඇත්තේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා අමාත්‍යාංශ 
    නිලධාරීන් සමඟ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැති රැස්වීමකට සහභාගිවෙමිනි.
     
    කොළඹ විශ්වවිද්‍යාලය දකුණු ආසියාවේ 24 වැනි ස්ථානයට ද පේරාදෙණිය හා මොරටුව විශ්වවිද්‍යාල පිළිවෙළින් 31 හා 32 වැනි ස්ථානයට ද ශ්‍රී ජයවර්ධනපුර වි.වි 51 වැනි ස්ථානයට ද කැලණිය වි.වි 56 හා රුහුණු වි.වි 70 වැනි ස්ථානයට ද පත්ව ඇත.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම යටතේ ජාතියක් වශයෙන් විශාල සංවර්ධනයක් අත්පත්කරගෙන ඇති බවත් මෑත කාලීන සංඛ්‍යාලේඛන අනුව ලොව දෙවැනි ආර්ථික වර්ධන වේගය හිමි රට ශ්‍රී ලංකාව බවත් මෙහිදී පෙන්වාදුන් අමාත්‍යවරයා අප දෙවැනි වන්නේ චීනයට පමණක් බවත් පැවසීය.
     
    මෙය උසස් අධ්‍යාපනයේ සාර්ථකත්වයෙන් සන්ධිස්ථානයක් පමණ වන අතර තවත් බොහෝ දේ අතර කරපත් ගැනුමට ඇති බව පෙන්වා දුන් දිසානායක මහතා විශ්වවිද්‍යාල දියුණු කරන අතරම ආසියාවේ උසස් අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත්වීම අරමුණ බවත් පෙන්වා දුන්නේය.
     
    විශ්වවිද්‍යාල ප්‍රජාවගෙන් ලැබෙන සහය සමඟ එම ඉලක්ක ළඟාකරගැනීමට වැඩි කාලයක් ගත නොවන ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya