මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහරගම ජාතික පාසල් හතක දරුවන්ගෙන් 12%ක් දියවැඩියා අවදානමක

    අගෝස්තු 25, 2014
    දියවැඩියාව හා කාලීන වකුගඩු රෝගය සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනය මඟින් මෙතෙක් සිදු කළ පර්යේෂණයන්ගේ පර්යේෂණ එළිදැක්වීමක් දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනයේදී සිදු කෙරිණ.
     
    මෙහිදී දියවැඩියාව පිළිබඳ සිදු කළ පර්යේෂණය එළිදක්වමින් වෛද්‍ය ප්‍රියංකා මෙන්ඩිස් මහත්මිය ප්‍රකාශ කර සිටියේ දැනට මහරගම ජාතික පාසල් 07ක ළමුන්ගෙන් 12%කට දියවැඩියාවේ අවදානමක් පවතින බවයි.  එය 10 සහ 11 ශ්‍රේණියේ පාසල් ළමුන් දහසකගේ ආහාර හා චර්යා රටා, නින්ද, විනෝදාංශ සහ ස්කන්ධ දර්ශක ( BMI) අගය පදනම් කර ගෙන සිදු කරන ලද පර්යේෂණ මඟින් තහවුරු වන බව වෛද්‍ය ප්‍රියංකා මෙන්ඩිස් මහත්මිය පැවසුවාය.
     
    මෙම වැඩසටහනේදී දියවැඩියාව සහ කාලීන වකුගඩු රෝගය සඳහා ප්‍රතිකාර සහ රෝග නිවාරණ ක්‍රම මෙන් ම රෝගීන්ට පහසුවෙන් ආයුර්වේද ඖෂධ භාවිත කළ හැකි අයුරින් ඖෂධ නිපදවීමේ ක්‍රම පිළිබඳව පර්යේෂණ එළිදැක්වීය.
     
    මෙම අවස්ථාවට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් පර්ල් වීරසිංහ, ආයුර්වේද කොමසාරිස් පාලිත වීරකෝන්, නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ කේ.කේ.ඩී.එස්. රණවීර, ඇමරිකාවේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රියා වීරසිංහ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශිරාණි රණසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya