මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු කොරියාවේ ජියෝල්ලැනම්ඩො පළාතේ අධ්‍යාපනය පිළිබඳ ආණ්ඩුකාර අගමැති හමුවේ Featured

    අගෝස්තු 25, 2014
    දකුණු කොරියාවේ ජියෝල්ලැනම්ඩො පළාතේ (Jeollanamdo Province)  අධ්‍යාපනය පිළිබඳ ආණ්ඩුකාර චෑන්ග් මැන්චායි මහතා පසුගියදා අග්‍රාමාත්‍ය නිල නිවසේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා මුණ ගැසිණ. 
     
    මෙහිදී ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු රාශියක් සාකච්ඡා කළ අතර, අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව දෙරට අතර සහෝදරත්ව අධ්‍යාපන වැඩසටහන් ක්‍රමයක් ආරම්භ කිරීම පිළිබඳව කොරියානු රජයේ ආණ්ඩුකාරවරයාගේ අවධානය යොමු කෙරිණ.
     
    මෙහිදී අග්‍රාමාත්‍යවරයා අදහස් දක්වමින් කොරියන් භාෂාව ඉගැන්වීම සඳහා කොරියාවේ පහසුකම් ලබාදෙන ලෙසත්, ඒ සඳහා ශිෂ්‍යත්ව ක්‍රමයක් ඇති කරන ලෙසත් ඉල්ලා සිටින ලදී.
     
    මෙහිදී කොරියානු ආණ්ඩුකාරවරයා අදහස් දක්වමින්, බලධාරීන් සමඟ සාකච්ඡාකොට හැකි ඉක්මණින් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් දැන්වීය.
     
    මෙම අවස්ථාවට අග්‍රාමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් අනුරාධ ජයරත්න, කොරියාවේ සන්චියෙන්ග් නගරයේ නගරාධිපති චෝ චුන්ග්හෝන් මහත්වරු ඇතුළු කොරියානු රජයේ නිලධාරීහු කීපදෙනෙක් ද සහභාගි වූහ.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya