අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (23) 2014 ප්‍රෝ ෆුඩ් ප්‍රෝ පැක් නමින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති නැනෝ තාක්ෂණය මඟින් ආහාර සුරක්ෂිතතාව ඇතිකිරීම පිළිබඳ සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනයට සහභාගි වෙමිනි.
තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය. ලෝකයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන තාක්ෂණයක් වන්නේ නැනෝ තාක්ෂණයයි. මේ තාක්ෂණය මඟින් ආහාර, ඇසුරුම්, සෞඛ්‍ය, බලශක්තිය ආදී ක්ෂේත්‍රවල කළ හැකි වෙනස්කම් හා නිර්මාණ බොහෝමයි. නවෝත්පාදන ආර්ථිකයකට අප පියමං කරන්නේ නම් අනිවාර්යෙන්ම මෙම නැනෝ තාක්ෂණය ප්‍රගුණ කළ යුතුයි. පසුගිය කාලයේ රජරට වකුගඩු රෝගය ගැනත් නියඟය ගැනත් ලොකු කතා බහක් ඇති වුණා. වැස්සක් දෙකක් ආවාම නියඟය ගැන කතාව යට යනවා. කොහොමත් රජරට ප්‍රදේශවලට මාර්තු සිට ඔක්තෝබර් අතර කාලයේ වැසි වැටෙන්නේ නැහැ. එසේ නම් නියඟය ඇති වූයේ ජලය වැරදි ලෙස කළමනාකරණයෙන්ද නැතිනම් පරිසර පද්ධතියට මාස කිහිපයක වැසි නොමැතිවීම දරාගැනීමට නොහැකිවීමෙන්ද කියා සොයා බැලිය යුතුයි. කෘෂි රසායන සමාගම් කවර ප්‍රචාර ගෙන ගියත් රජරට වකුගඩු රෝගයට හේතුව නම් අධික ලෙසත්, ප්‍රමිතියකින් තොර ලෙසත් රසායන ද්‍රව්‍ය යෙදීම නිසා පසත්, ජලයත් ලෙඩ වී ඒවා ආහාරයට ගත් ශාක හා සතුන්ද මිනිසුන්ද ලෙඩ වීම නිසා ඇති වූ තත්ත්වයක් බව ඔහු අවධාරණය කළේය.
නැනෝ තාක්ෂණ පිරිසිදු ජලය ඇති කිරීමට හැකි තාක්ෂණික මෙවලමක් බවද විශේෂයෙන් කිව යුතුයි. රසායනික කෘෂිකර්මයත්, තෙල්, ගල් අඟුරු දහනයත් නිසා ඇති වී ඇති පාරිසරික ව්‍යවසනය ලංකාවට පමණක් නොව දකුණු ආසියාවටද මුළු මහත් ලෝකයටද බලපාන බරපතල විනාශයක් බව කිව යුතුය.
මෑතකදී නිකුත් වූ ආසියානු සංවර්ධන බැංකුවේ ( ADB ) දේශගුණික විපර්යාස ඇගයීමේ වාර්තාව අනුව මේ සියවස අවසාන වන විට
ලංකාවේ මධ්‍යන්‍ය උණුසුම සෙල්සියස් අංශක තුනකින් වැඩිවීමට නියමිතය. එය දැනටමත් සෙල්සියස් අංශක 1 - 5 දක්වා අගයකින් වැඩි වී ඇත. මේ උණුසුම වැඩි වීමත් සමඟ නියඟය, ගංවතුර, නාය යෑම්, පස සෝදාපාලුව, මෝසම් වැසි අවුල්වීම, සාගර ජලය ආම්ලිකවීම, සාගර ජලය ගොඩබීම පහත්බිම්වලට ගලා ඒම, ජීවීන් වඳවීම, ජීවීන් ආක්‍රමණික වීම ආදි විවිධ පාරිසරික ව්‍යවසනයන් සිදුවීමට නියමිතයි.
ආසියානු සංවර්ධන බැංකු වාර්තාවට අනුව ලංකාවේ වී අස්වැන්න 30%කින් පමණ ද තේ අස්වැන්න හෙක්ටයාරයකට කිලෝ 30-80 දක්වා ද (මුළු අස්වැන්න 2% - 5%) වාර්ෂිකව අඩුවීමට නියමිතය. මත්ස්‍ය අස්වැන්න ද විශාල ලෙස අඩු වනු ඇත. ඩෙංගු වැනි මදුරු රෝග ව්‍යාප්තිය තීව්‍රර වනු ඇත. සාගර ජලය පහත්බීම්වලට ගලා ඒම නිසා වෙරළබඩ ජනාවාස හා කුඹුරු ඉඩම් තර්ජනයකට ලක් වේ. උතුර හා උතුරු මැද ශුෂ්ක කලාපීය තත්ත්වයකට පත් වී බස්නාහිර හා ඌව ඇතැම් ප්‍රදේ වලට වැසි වැඩිවීමටද ඉඩ ඇත.
ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනය 2050දී 1.2% කින් ද, 2100දී 6.5%කින් ද අඩුවීමට දේශගුණ විපර්යාස බලපානු ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව සිය දළ ජාතික නිෂ්පාදනය 0.86%වත් දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වීම සඳහා වූ පර්යේෂණ හා ක්‍රියාමාර්ග වෙතට ආයෝජනය නොකළහොත් මේ ආර්ථික ව්‍යවසනය අනිවාර්යෙන්ම සිදුවීමට ඉඩ ඇත. දකුණු ආසියානු කලාපයටම මේ තත්ත්වය බලපාන අතර එහි ආර්ථිකය 2100දී 8.8%කින් සංකෝචනය වීමට ද ලෝක ආර්ථිකය 5% සිට 20% අතර ප්‍රමාණයකින් අඩුවීමට ද දේශගුණික විපර්යාස මුල්වනු ඇත.
මේ නිසා ජලය, පස, වෙරළ රැකගන්නා තාක්ෂණික වැඩපිළිවෙළක් නොමැති වුව හොත් රුහිරු හෙළා නිදහස් කරගත් උතුර, රජරට හා
නැගෙනහිර දේශගුණික ත්‍රස්තවාදය විසින් බිලිගනු ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
NDH