මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අදත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වලට වැසි වාර කිහිපයක්

    අගෝස්තු 24, 2014
    දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි  වාර කිහිපයක් අද (24) ඇති විය හැකි බවත් මෙම වැසි වයඹ පළාතට ද පැතිර යා  හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
     
    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව විශේෂයෙන් අපරභාගයේ දී සහ සන්ධ්‍යා කාලයේ දී සෙසු ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
     
    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය
     
    අනුරාධපුර ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී. 
     
    මඩකළපුව, ත්‍රිකුණාමලය අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
     
    කොළඹ, ගාල්ල, මහනුවර, නුවරඑළිය, රත්නපුර වැසි වාර කිහිපයක් ඇති වේ.
     
    යාපනය, මන්නාරම වැසි ස්වල්පයක් ඇති වේ.
     
    උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.0°C යාපනයෙන් හා ත්‍රීකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.
     
    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya