මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව දෙමළ ජනතාවගේ සාධාරණත්වය සුරක්ෂිත කළ යුතුයි- මෝදී

    අගෝස්තු 24, 2014

    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා ශ්‍රී ලංකාවේ දේශපාලන විසඳුම 13 වැනි ව්‍යවස්ථාව දිවයිනේ ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම මත ගොඩනැගීමට පක්ෂ බව ප්‍රකාශ කර ඇත.

    දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිස හමු වූ මෝදී මහතා ශ්‍රී ලංකාවට දේශපාලන විසදුමක් අත්‍යවශ්‍ය බව අවධාරණය කරමින් එක්සත් ශ්‍රී ලංකා රාමුව තුළ දෙමළ ජනතාවට සමානත්වය, ගරුත්වය, සාධාරණත්වය සහ ආත්ම අභිමානය තමා අපේක්ෂා කරන බව ඊයේ (23) ප්‍රකාශ කර තිබේ.

     

    තමන් දැනටමත් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් දෙමළ ජනතාවට සලකන ආකාරය පිළිබඳ සැලකිලිමත් බව මෝදී අගමැතිතුමා දෙමළ ජාතික සන්ධානයට දැනුම් දී ඇති බව හින්දු පුවත්පත ප්‍රකාශ කර ඇත.


    දෙමළ ප්‍රජාවට නොකඩවා හිංසන සිදු වන බවත් ඉන්දියාව මෙම සුළු ජාතිය ආරක්ෂා කිරීමට මැදිහත්විය යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ නායකයන් මෙහිදී සඳහන් කර ඇති බව හින්දු පුවත්පත වාර්තා කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya