මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැක්සිකානු සිනමාකරු Carlos Reygadas -2014 කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලට

    අගෝස්තු 24, 2014

    ජාත්‍යන්තර කීර්තිධර මැක්සිකානු සිනමාකරු Carlos Reygadas මෙම වසරේ සැප්තැම්බර් මස කොළඹට පැමිණෙන බව කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල, ශ්‍රී ලංකා පදනමේ පැවැත්වෙන ඩිජිටල් සිනමා ඇකඩමිය සමග එක්ව නිවේදනය කරයි.


    ප්‍රථම වරට කොළඹදී පවත්වනු ලබන මෙම ජාත්‍යන්තර සිනමා උළෙල සැප්තැම්බර් 2 සිට 7 දක්වා පැවැත්වීමට නියමිතය.

     

    රීගල් සිනමා ශාලාව, එම්පයර් (Arcade- Independent Square), Majestic සිනමා සංකීර්ණයේ Ultra සිනමා ශාලාව, ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ ‘තරංගනී’ වැනි කොළඹ විශිෂ්ටතම සිනමා ශාලාවල තිරගත වීමට නියමිත මෙම චිත්‍රපට සමුහය රටවල් 35කට ආසන්න විවිධත්වයකින් යුතු සිනමා කෘතීන්ගෙන් සමන්විත වේ.


    එසේම, මෙම චිත්‍රපට සියලුම ප්‍රේක්ෂකයන් සඳහා විවෘත අතර සියලුම දර්ශන නොමිලේ පැවැත්වේ.

     

    සම්මාන රාශියකට හිමිකම් පෑ Carlos Reygadas ගේ චිත්‍රපට කිහිපයක් තිරගත කිරීමට අමතරව, චිත්‍රපට උළෙලට සමගාමී ව පැවැත්වෙන කුසලතා ප්‍රවර්ධන වැඩමුළුවේ කොටසක් ලෙස ඔහු විසින් චිත්‍රපට අධ්‍යක්ෂණය පිළිබඳව දින දෙකක කුසලතා ප්‍රවර්ධන වැඩමුළුවක් පැවැත්වීමට නියමිතය.


    කෑන්ස් චිත්‍රපට‍ උළෙලේ හොඳම අධ්‍යක්ෂ Carlos Reygadas සිය බිරිඳ වන චිත්‍රපට සංස්කාරිකා Natalia Lopez සමග මෙසේ ශ්‍රී ලංකාවට පැමිණෙනුයේ ප්‍රථම වරටය.

     

    www.iffcolombo.com වෙබ් අඩවියෙන් කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උළෙළ 2014 සහ එහි විශේෂ ආරාධිතයන් පිළිබඳ වැඩිදුර විස්තර දැන ගැනීමට අවස්ථාව සලසා දී ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya