මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක සම්මන්ත්‍රණය අද සිට Featured

    අගෝස්තු 18, 2014
    ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් වන ආරක්ෂක සම්මන්ත්‍රණය - 2014 අද (18) සිට 20 දින දක්වා කොළඹ ගලධාරි හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.
     
    මෙවර මෙම සමුළුවේ තේමාව වනුයේ "ශ්‍රී ලංකාව අභියෝග හමුවේ ජාතියක් ලෙස නැඟී සිටීම" යන්නය.
     
    රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද ආරක්ෂක සම්මන්ත්‍රණ මාලාවේ සිව්වැන්න මෙවර පැවැත් වේ.
     
    වර්තමාන යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක මහතාගේ ක්‍රියාකාරී මඟපෙන්වීම මත දෙස් විදෙස් කථිකයන් 20කට අධික දේශකයන්ගේ සහභාගිත්වයෙන් සම්මන්ත්‍රණය පැවැත්වේ. 
     
    ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, පකිස්තානය, පෝලන්තය, තස්මේනියාව, මලයාසියාව, චීනය හා සිංගප්පූරුව යන රටවල විදේශීය ආරාධිත විද්වත් දේශකයන් පිරිසක් ‍මෙවර සමුළුවේ දේශන පැවැත්වීම සඳහා සහභාගීවීමට නියමිතය.
     
    මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් ප්‍රධාන දේශනය සිදුකරන අතර, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජී.එල්. පීරිස්, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහත්වරුන් ආරම්භක දේශන පැවැත්වීමට නියමිතව ඇත. 
     
    එසේම මෙදින ශ්‍රී ලංකාවේ සාමය සහ නොබිඳෙන සබඳතාව, ශ්‍රී ලංකාවේ නැඟීසිටීම පිළිබඳ තීරණාත්මක විනිශ්චය හමුවේ ජාතියේ සමෘද්ධිය අර්ථ දැක්වීම හා ජාතිය සමෘද්ධිය කරා ළඟාවීමේ තිරසාර ආර්ථික ගමන් මග ආදි කරුණු පිළිබඳ ව අවධානය යොමු කරනු ඇත.
     
    යුද ගැටුම් අවසන් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ දේශපාලන, සමාජයීය, මෙන් ම සංහිඳියාව හා ආර්ථික, සංස්කෘතික හා ආගමික යන කලාපීය සහයෝගීතාව නංවා ගැනිම ආදි කරුණු කෙරෙහි බලපාන පොදු ගැටලු නිරාකරණය කර ගැනීම පිළිබඳ පුළුල් කරුණු විග්‍රහ කරනු ලබන මෙවර ආරක්ෂක සමුළුව සඳහා රටවල් 66ක් නියෝජනය කරමින් විදේශීය නියෝජිතයින් 93දෙනෙකු, තානාපතිවරුන් 41දෙනෙකු, ආරක්ෂක උපදේශකවරුන් 35දෙනෙකු හා ආරාධිත කථිකයින් 16 දෙනෙකු ද සමගින් සමස්ත නියෝජිතයන් 350කට අධික පිරිසක් සහභාගිවීමට නියමිතව ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya