මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වනජීවි ඡායාරූප තරගයට අයදුම්පත් කැඳවයි

    අගෝස්තු 17, 2014
    වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 65වැනි සංවත්සරය වෙනුවන් වනජීවි ඡායාරූප තරගයක් පැවැත්වීමට එම දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
     
    ඒ අනුව පාසල් හා විවෘත යන අංශ දෙක යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා නිර්මාණ භාරගැනීම සැප්තැම්බර් 05න් අවසන් වන අතර ඡායාරූප විනිශ්චය කටයුතු සැප්තැම්බර් 12දා සිදු කෙරෙන අතර ම සහතිකපත්‍ර ප්‍රදානය කිරීම ඔක්තෝබර් 01දා සිදු කෙරේ. 
     
    විවෘත අංශය සඳහා ශ්‍රී ලාංකික ඕනෑ ම අයෙකුට ඉදිරිපත් විය හැකි අතර එක් අයෙකුට කළු සුදු හෝ වර්ණයෙන් ස්වභාවික වනජීවි සෞන්දර්යය ක්‍රියාකාරකම් ඇතුළත් වනජීවි ඡායාරූප 04ක් පමණක් ඉදිරිපත් කළ හැකිය.
     
    සියලු ම ඡායාරූප ශ්‍රී ලංකාවේ වනජීවි අභය භූමියක, ජාතික උද්‍යානයක හෝ රක්ෂිතයක ඡායාරූපගත කරන ලද ඒවා විය යුතුය. ඒවායෙහි කිසිදු ඩිජිටල් වෙනස්කමක් සිදු නොකළ යුතු වේ. ඡායාරූපයක දිග අඟල් 12ක් සහ 18 විය යුතුය, ඡායාරූපය ඉහළ වම් කෙළවරේ අයදුම්පතට අනුව නම, ලිපිනය, මාතෘකාවල අනු අංකය හා වනජීවි රක්ෂිතය සඳහන් කර ඡායාරූපය ගත් ස්ථානය, කැමරාව සහ කාච පිළිබඳ ව කෙටි විස්තරයක් එවීම ද කළ යුතුය.
     
    පාසල් අයදුම්කරුවන් ඡායාරූප ඉදිරිපත් කිරීමේ දී විදුහල්පතිවරයාගේ අත්සනින් යුතු ව ඉදිරිපත් කිරීම අනිවාර්යය වේ.
     
    සියලු ම ඡායාරූප අධ්‍යක්ෂ ජනරාල්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, අංක 811, ජයන්ති පුර පාර, බත්තරමුල්ල ලිපිනයට තැපැල් මගින් හෝ ගෙනවිත් භාරදිය යුතුය. ඡායාරූප  බහාලන කවරයේ ඉහළ වම් කෙළවර වනජීවි ඡායාරූප ප්‍රදර්ශනය හා තරගය - 2014 යනුවෙන් සඳහන් කළ යුතුය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya