මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත්ගම හා බේරුවල ප්‍රදේශවල ප්‍රතිසංස්කරණයන් දිගට ම Featured

    අගෝස්තු 13, 2014
    පසුගිය කාලයේ ඇති වු නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් අලාභ හානී වූ දේපළ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරක්ෂක හමුදාවන් විසින් තවදුරටත් නොකඩවා කරගෙන යනු ලබන බව අද (13) කොළඹ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂක, යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා ප්‍රකාශ කර සිටියේය.
     
    මෙම ප්‍රතිසංස්කරණයන්හි ප්‍රගතිය පිළිබඳ ව අදහස් දැක්වූ වනිගසූරිය මහතා එකි කලබල හේතුවෙන් ව්‍යාපාරික ස්ථාන 82ක් ප්‍රතිසංස්කරණය කළ යුතු බවට හඳුනාගත් අතර මෙකී අලුත්වැඩියා කටයුතු තත්ත්වයන් දෙකක් අනුව තක්සේරු කර ඇති අතර ඒ අනුව රුපියල් 50000/= දක්වා වු සුළු අලුත් වැඩියාකිරීම් (Minor repairs) සහ රුපියල් 50,000/= ට වැඩි (Major Repairs) වශයෙන් හඳුනාගෙන කටයුතු කරනු ලබන බවත් පවසා සිටියේය. 
     
    ඒ අනුව ව්‍යාපාරික ස්ථාන 28ක සුළු පරිමාණ අලුත්වැඩියාවන් කළ යුතු වූ ඒවා වන අතර 56ක් මහා පරිමාණ අලුත්වැඩියාවන් සිදු කළ යුතු ඒවා වූ බව පැවසු අතර මේ වන විට ඒවායින් 13ක වැඩකටයුතු සම්පුර්ණයෙන් ම නිමාකර නැවත ඒවා අයිතිකරුවන්ට ලබාදී තිබෙන බවද පවසා සිටියේය.
     
    එසේම වැඩ නිමා කරන ලද එම ව්‍යාපාරික ස්ථාන 13න් 4ක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ද, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එක් ව්‍යාපාරික ස්ථානයක් හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ව්‍යාපාරික ස්ථාන 8ක් ද අලුත්වැඩියා කටයුතු කර නිමවන ලද බව ද ඒ මහතා මෙහිදී අනාවරණය කර සිටියේය. 
     
    මෙම සිද්ධියේ දී අලාභ හානියට පත් නිවාස සංඛ්‍යාව 211කි. ඉන් නිවාස 139ක සුළු පරිමාණ අලුත්වැඩියාවන් සිදුකළ යුතු ඒවා වන අතර නිවාස 72ක් මහා පරිමාණ ප්‍රතිසංස්කරණයන් සිදුකළ යුතු ඒවා වේ.  මේ වන විට ඉන් නිවාස 55ක වැඩ නිමාකර නැවත භාරදී ඇත. 
     
    නිවාස 114 ක වැඩ කටයුතු මේ වන විටත් සිදුකරගෙන යන බව පැවසු හෙතෙම ඉන් නිවාස 90ක් යුද හමුදාව විසින් ද, 24ක් නාවික හමුදාව විසින් ද සිදු කරනු ලබන බව වැඩිදුරටත් අනාවරණය කර සිටියේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya