මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිළිකා කාරක සහිත බුලත් විට ගැන ජනතාව දැනුවත් කිරීමට සුවිශේෂි වැඩපිළිවෙළක් Featured

    අගෝස්තු 11, 2014

    දුම්වැටිය සම්බන්ධයෙන් අභියෝගය බාරගත්තා සේම පිළිකා කාරක සහිත බුලත් විට සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමට සුවිශේෂි වැඩපිළිවෙළක් ගෙනයාම ඉතාම කාලෝචිත බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මැතිතුමා පවසයි. 

     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ පසුගියදා මහනුවර අර්ල්ස් රීජන්ට් හෝටලයේ දී පැවැති මුඛ පිළිකා, නොබොන දුම්කොළ සහ පුවක් පිළිබඳ ප‍්‍රථම අන්තර්ජාතික සමුළුවට සහභාගි වෙමිනි. 

    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය. " බෝ නොවන රෝග සම්බන්ධයෙන් ගන්නා විට එහි විශේෂ අභියෝගයක් අද අපේ සමාජයේ පිළිකාවට තිබෙන බවත්, ඒ පිළිකාවන් අතුරින් මුඛ පිළිකාවට ප‍්‍රධාන තැනක් හිමිවෙන බවත් සඳහන් කළේය.

    අපේ අග්නිදිග ආසියානු කලාපයේ විශේෂ දෙයක් තමයි බුලත්විට සැපීම මඟුලකට, අවමඟුලකට ගියත් වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ සිගරට්වලටත් වඩා බුලත් සහ පුවක්. ඒ නිසා අපේ සංස්කෘතියත් එක්ක බැඳුණ මේ දේ එකපාරම සංස්කෘතියෙන් ඉවත් කරන්න හරි අමාරුයි. අප පොඩිකාලේ දකින බුලත් කොළය, අපේ වැඩිහිටියන් සෑම සංස්කෘතික අංශයකදීම පාවිච්චි කරනවා දැකලා තියෙනවා. ඒත් එය අපිට හානිදායක වෙයි කියන දෙය අප දකින්නේ නැහැ. අපේ සාහිත්‍යයෙත් විවිධ තැන්වල බුලත්විට කාලා හිටියම එකේ විශේෂයත්වයක් ඇති බව දකිනවා. අපේ සංස්කෘතිය හා බැඳුණු මේ දෙය එකවර වෙනස් කරන්න හරි අමාරුයි.  


    සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා දුම්වැටිය සම්බන්ධයෙන් අභියෝගය බාරගත්තා. අපි ඒක ජයග‍්‍රහණය කළා. ඒ වගේම ගරුතර සංඝරත්නයට දැහැත් වට්ටිය පූජා කිරීමේ දී සෞඛ්‍යයට හිතකර දැහැත් වට්ටියක් පූජා කිරීම හඳුන්වලා දුන්නා සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට. ඒක අප ලබපු තවත් සුවිශේෂී ජයග‍්‍රහණයක්. එහෙම නම් මේ බුලත් විට එහෙම නැත්නම් බුලත් කොළය සහ පුවක් ගෙඩිය, දුම්කොළ නැට්ට, හුණු මේ සියල්ල අපේ පිළිකා රෝග කාරකයක් බව දැනුවත් කිරීමට සුවිශේෂ වූ වැඩසටහනක් දුම්වැටිය සම්බන්ධයෙන් අභියෝගය බාරගත්තා සේම පිළිකා කාරක සහිත බුලත් විට සම්බන්ධයෙන් ගෙනයාම කාලෝචිතයි කියන එක අද පෙනෙන කරුණක්. ඒ සඳහා සංස්කෘතියට හානියක් නොවන ආකාරයට ඒ පණිවුඩය ගෙනයාම ඉතාම වැදගත් වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විදිහට ඒ වගකීම ගරු ඇමතිතුමා ප‍්‍රමුඛව අපි ගන්නවා. මෙය අපි කරන්නේ සමාජය වෙනුවෙන්. මෙය මුලින් අපට නීරස වෙන්න පුළුවන් නමුත් සමාජයේ යහපත වෙනුවෙන් ඒ තීන්දු තීරණ ගත යුතු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය. 

    මෙම අවස්ථාවට එක් වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ‍්‍රී ලංකා නියෝජිත වෛද්‍ය එෆ්.ආර්. මෙහෙතා මහතා, ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් විශේෂ ඇගයීමක් කළ අතර එබෝලා වෛරසය ශ‍්‍රී ලංකාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ තුළ ගෙන ඇති සෞඛ්‍ය වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද ඇගයීමට ලක් කෙරිණි.

    සියලුම පිළිකා අබිබවා යමින් ශ‍්‍රී ලංකාවේ මුඛ පිළිකා ව්‍යාප්තිය වසරින් වසර ඉහළ යමින් පවතී. 2007 වසරේ ජාතික පිළිකා දත්තවලට අනුව නව මුඛ පිළිකා රෝගීන් 1813ක් වාර්තා වී ඇති අතර එය සමස්ත පිළිකා අතරින්  13.3% ප‍්‍රතිශතයක් වේ. මුඛ පිළිකා නිසා සිදුවන දළ මරණ අනුපාතය ද ඉතා ඉහළ අගයකි. ඒ අනුව දිනකට මෙම රෝගය නිසා පුද්ගලයින් 03ක් පමණ මියයන බව ගණනය කොට ඇත. මෙහි අවාසනාවන්ත තත්ත්වය වන්නේ, මුඛ පිළිකාව වළක්වා ගත හැකි පිළිකාවක් වීමයි.  


    මෙම සමුළුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගයෙන් සහ කොරියානු යොන්සෙයි විශ්වවිද්‍යාලයේ මුඛ පිළිකා පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයේ සහභාගිත්වයෙන් පැවැත්විණි. 

    මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක සහ කොරියා සමූහාණ්ඩු තානාපති චෑන් වොන්-සෑම්,  නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය ලක්ෂ්මී සෝමතුංග, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ‍්‍රී ලංකා නියෝජිත වෛද්‍ය එෆ්.ආර්. මෙහෙතා, මුඛ පිළිකා පිළිබඳ පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.එම්. තිලකරත්න, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත විද්‍යා පිඨයේ පිඨාධිපති මහාචාර්ය යු.බී. දිසානායක, පේරාදෙණිය විශ්වවද්‍යාලයේ උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්න, කොරියානු යොන්සෙයි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජින් කිම් යන මහතුම මහත්මීන්ඇතුළු දෙස් විදෙස් නියෝජිතවරු විශාල පිරිසක් සහභාගිවී සිටියහ. 


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya