මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බල උපකරණ හා අත් උපකරණ සඳහා නව ප්‍රදර්ශනාගාරයක් මාලිගාවත්තට

    අගෝස්තු 08, 2014


    රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ මාලිගාවත්ත නව ප්‍රදර්ශනාගාරය මේ මස (12) රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00ට, නො.214, ශ්‍රීමත් බණ්ඩාරනායක මාවත, කොළඹ 12 හිදී විවෘත කිරීමට නියමිතය.

    පාරිභෝගික අවශ්‍යතාවලට වැඩි අවධානයක් යොමු කරමින් ඒවා ඉටු කිරීම පිණිස ගුණාත්මක භාවයෙන් යුතු පාරිභෝගික භාණ්ඩ සහනදායක මිල යටතේ සපයමින් ජනතාවගේ මිල දී ගැනීමේ ශක්තිය වැඩි කර, මිල ස්ථායීකරණය කිරීම පිණිස සේවා සැපයීම අරමුණු කර ගනිමින් එස්.ටී.සී ආයතනය ක්‍රියාත්මක වේ. ඒ අනුව දිවයින පුරා විසිරී සිටින කර්මාන්තකරුවන් වෙනුවෙන් තත්ත්වයෙන් උසස් උපකරණ පහසු මිලට ලබා ගැනීමට ද මෙහිදී හැකියාව ලැබේ.

     
    මෙම නව ප්‍රදර්ශනාගාරය බල උපකරණ (Power Tools), අත් ආයුධ (Hand Tools) හා වතුර පොම්ප (Water Pump) සඳහාම වෙන් වන අතර, මේ සියලු ම උපකරණ එකම ස්ථානයකින් ලබා ගැනීමේ අවස්ථාව මෙහිදී පාරිභෝගිකයාට හිමිවේ. කොළඹ නවම් මාවත, නුවර, කුරුණෑගල, යාපනය හා අනුරාධපුර යන දිස්ත්‍රික්කයන්හි එස්.ටී.සී. ආයතනයේ ප්‍රදර්ශනාගාර පැවැත්වෙන අතර, ඉදිරියේදී නව ප්‍රදර්ශනාගාර මාතර හා නාරාහේන්පිට දී විවෘත වීමට නියමිතය.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya