මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශික තානාපති ප‍්‍රජාව තුළ දේශිය සංවේදිතාව පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි - විදේශ කටයුතු අමාත්‍යාංශය Featured

    අගෝස්තු 07, 2014

    රටක හැඟීම්බර සිද්ධීන් පිළිබඳ කටයුතු කිරීමේදී වඩාත් සංවේදිව කි‍්‍රයා කිරීමට විදේශික තානාපති නිලධාරීන් වගබලා ගත යුතු බව විදේශ කටයුතු අමාත්‍යාංශය තානාපති සේවා අංශයන්ගෙන් ඉල්ලා සිටී.


    එක්රැස්වීමේ සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ මූලික අයිතිවාසිකම්වලට රජය ගරුකරන නමුත් විදේශ සේවාවේ ඇතැම් අංශ සමහර කලාපීය හා ප‍්‍රජා කොටස් අරභයා කි‍්‍රයා කිරීමේ දී සංවේදී නොවීමේ ඌනතාව ඔවුන් ආගමික හා ප‍්‍රජා කටයුතුවලදී පෙන්නුම් කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.


    මෙම තත්ත්වය යටතේ සිදු වී ඇත්තේ විවිධ ප‍්‍රජා කොටස් අතර අවිශ්වාසය තවදුරටත් තහවුරු වීමත් සංවේදී අවස්ථා උද්ගතවීමත් බව වැඩිදුරටත් පෙන්වා දි තිබේ.


    විදේශ අමාත්‍යාංශය එසේ කරුණු දක්වා සිටියේ අගෝස්තු 04 වන දින කොළඹ දී සමාජීය හා සාමයික මධ්‍යස්ථානයේ සිද්ධියක් අරමුණු කර ගනිමින් නිකුත් කළ නිවේදනයකිනි.


    උතුරේ අවතැන් වුවන් පිළිබඳව රයිට් ටු ලයිෆ් හියුමන් සෙන්ටර් නමැති රාජ්‍ය නොවන සංවිධානය විසින් රැස්වීමක් සංවිධානය කොට ඇති බව වාර්තා ගතව ඇත. ඒ අතර අවතැන් වුවන් පිළිබඳ දෙමව්පියන් සඳහා වන වෙනත් රාජ්‍ය නොවන සංවිධානයක් ස්වකීය දුක්ගැනවිලිද සලකා බලන ලෙස ඉල්ලමින් එම රැස්වීමට ප‍්‍රවිශ්ඨවීමට තැත්කර තිබේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් දෙපාර්ශ්වය අතර ඇති වු විවාදාත්මක තත්ත්වයකින් පසුව පාලනය කිරීමට අපහසු කලබලකාරී තත්ත්වයක් උද්ගතව ඇත. එය පාලනය කර ගත හැකි වුයේ පොලීසිය ද මැදිහත් වීමෙන් පසුවය.


    බටහිර රටවල් නියෝජනය කරන විදේශික තානාපති නිලධාරීන් කිහිප දෙනෙකු මෙම අවස්ථාවේ එතැන සිටි බව කියනු ලැබේ.


    විදේශ කටයුතු අමාත්‍යාංශය ඉහත සඳහන් ඉල්ලීම කර ඇත්තේ මෙවන් වාතාවරණයක් යටතේය.


    HC/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya