මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව සහ නැගෙනහිර පළාත්වලට ගිගුරුම් සහිත වැසි Featured

    අගෝස්තු 07, 2014

    අද (07) දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල තැන් කිහිපයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    ගාල්ල සහ කොළඹට වැසි වාර කිහිපයක් ඇති වේ. නුවරඑළිය සහ මහනුවරට විටින් විට වැසි ඇති වේ. රත්නපුරයට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    මන්නාරමට වැසි ස්වල්පයක් ඇති විය හැක. අනුරාධපුරය, ත්‍රිකුණාමලය සහ මඩකළපුවට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    යාපනයට ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක් පවතී.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.0°C මඩකළපුව සහ ත්‍රිකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.8°C මොනරාගලින් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.1°C නුවරඑළියෙන් ද මි.මී. 48.2ක වර්ෂාපතනයක් රත්නපුරයෙන් ද මි.මී. 41.5ක් ගාල්ල ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya