අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තාරුණ්‍යය බල ගැන්වීම සහ ඔවුන්ගේ වරප‍්‍රසාද දිනා දීමට ඉකුත් පස් වසර තුළ සුවිශේෂී වැඩකොටසක් ඉටුකළා- ජනපති

    ඔක්තෝබර් 22, 2019

    මාධ්‍ය නිදහස උපරිමයෙන් තහවුරු කළ ඉකුත් යුගයේ වැඩිම විවේචනයට ලක් වූ පුද්ගලයා තමා වුවද ඒ කිසිවෙකුට ප‍්‍රතිප‍්‍රහාර සිදුකිරීමට තමා කටයුතු නොකළ අතර එකී මාධ්‍ය නිදහස මේ රටේ තාරණ්‍යය ද උපරිමයෙන් භුක්ති විඳිමින් සිටින බව ජනාධිපතිතුමා පවසයි.

    තාරණ්‍යය බල ගැන්වීම සහ ඔවුන්ගේ වරප‍්‍රසාද දිනා දීම වෙනුවෙන් තම පාලන කාලය තුළ විශේෂ වැඩකොටසක් ඉටු කළ බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ  (20) පස්වරුවේ කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවති ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතින්ගේ සංවිධානයේ තෙවැනි සමුළුව අමතමිනිි.
    තරුණයන් බලගැන්වීම, අදහස් පුළුල් කිරීම, අවි ආයුධ නොගෙන ප‍්‍රශ්න විසඳන ආකාරය අවබෝධ කරවීමේ අරමුණින් මෙම සමුළුව සංවිධානය කර තිබූ අතර දිවයිනම නියෝජනය වන අයුරින් තරුණ තරුණියන් හාරසියයකට වැඩි පිරිසක් ඊට එක්ව සිටියහ.

    තරුණ තරුණියන් නැගු ප‍්‍රශ්න කිහිපයකට ද මෙහි දී ජනාධිපතිතුමා විසින් පිළිතුරු ලබා දුන් අතර ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ තරුණයන් දේශපාලනයට පිවිසෙන්නේ නම් ඔවුන් උගතුන් විය යුතු අතරම පරමාදර්ශී චරිත ද විය යුතු බවයි. උගතුන් සිටින රටක ගැටලු අවම වන අතරම, එම රට සංවර්ධනය කරා ගමන් කරන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එවිට රාජ්‍ය පාලනය ද යහපාලනයක් බවට පත්වන බව කියා සිටියේය.

    මත්ද්‍රව්‍ය ගැටලුව පිළිබඳව ද මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ මත් උවදුරෙන් මේ රටේ තරුණ පරපුර ගලවා ගැනීම සඳහා තමා දැඩි වෙහෙසක් ගෙන කටයුතු කළ බවයි.

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා තින්දු කළ ද ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කෙරුණු අතර එම නඩු තීන්දුවට තමාට හිස නැමීමට සිදුවන බවත් යම් හෙයකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට පක්ෂව එම නඩු තීන්දුව ලැබුණහොත් තම නිල කාලය අවසන් වීමට පෙර මේ රටේ තාරුණ්‍යය වෙනුවෙන් එක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට හෝ මරණීය දණ්ඩනය ලබාදීමට කටයුතු කරන බව ද ප‍්‍රකාශ කළේය.
    කථානායක කරූ ජයසූරිය මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya