අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙර නොවූ අන්දමින් ගත වූ සිවු වසර තුළ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළ බව මුදල් අමාත්‍යවරයා පවසයි. Featured

    සැප්තැම්බර් 25, 2019

    යුද්ධය හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ විශේෂ කාර්ය බලකායේ සියලු සාමාජිකයන් හට තමන් විශ්‍රාම ගිය පසුව ද ඔවුන්ගේ අවසන් වරට ලැබූ වැටුපට ම සමාන විශ්‍රාම වැටුපක් ඔවුන් ජීවත්ව සිටින තාක් කල් ලබා දීමට රජය තීරණය කර ඇතැයි  මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද(25)  දින මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

    එලෙසම මෙම රජය බලයට පත් වීමෙන් පසුව පොලීසිය හා ආරක්ෂක හමුදාවේ සියලු සාමාජිකයන්හට පසුගිය වසර 20ක් තිස්සේ නොදුන් සහන රැසක් අයවැය හරහා ලබා දීමට හැකි වූ බවද පෙන්වා දුන්නේය.

    ජනාධිපතිතුමා විසින් පත්කරන ලද එස්.රනුග්ගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ කමිටු නිර්දේශ අනුව එම සියලු රාජ්‍ය නිලධාරින්ගේ වැටුප, ඊයේ (24) අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අනුව 2020 ජනවාරි 01 සිට තව දුරටත් වැඩි කර ඇති බවද ඒ අනුව
    උදාහරණ ලෙස මෙම නව වැටුප් වැඩි කිරීම අනුව විධායක ශේණියේ නිලධාරියකුගේ ආරම්භක වැටුප රුපියල් 9,587කින් ද, අමාත්‍යාංශ ලේකම්වරයකුගේ වැටුප රුපියල් 23,975කින් ද වැඩි වේ. රාජ්‍ය සේවයේ පහළම සේවකයාගේ වැටුප රුපියල් 3,000කින් වැඩිවන අතර කළමනාකරණ සහකාරවරයකුගේ වැටුප රුපියල් 4,320කින් ද, සංවර්ධන නිලධාරියකුගේ වැටුප 5,040කින් ද, වැඩි වේ. මෙම සියලු වැඩි කිරීම් සිදු කර ඇත්තේ එම නිලධාරීන්ගේ වැටුප 2020 ජනවාරි වන විට 2015 ආරම්භක වැටුපට සාපේක්ෂව 107% ප්‍රතිශතයකින් වැඩ කර තිබීමට අමතරවයි. කෙසේ වෙතත් ඊයේ (24) අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලද පඩි වැඩිවීමේ 50% ප්‍රතිශතය 2020 ජනවාරි සිට ගෙවන අතර ඉතිරිය 2021 ජනවාරි සිට ගෙවනු ලැබේ.

    මීට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට ගෙවනු ලබන දීමනා ද ඉහළ නැංවීම ක්‍රියාත්මක කළ බව කී අමාත්‍යවරයා එම නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ මාසික සලාක දීමනාව ඉකුත් ජනවාරියේ සිට ඉහළ නැංවීමට රජය පියවර ගත් බවද පෙන්වා දුන්නේය. ඒ අනුව නිලධාරීන්ගේ සලාක දීමනාව රුපියල් 23,231 දක්වා ද, සෙසු නිලයන්ගේ සලාක දීමනාව රුපියල් 19,350 දක්වා ද මේ වන විටත් ඉහළ නංවා ඇත.

    එයට අමතරව ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ගෙවනු ලබන ගෙවල් කුලී දීමනාව ද දෙගුණ කර ඇති අතර තවද යුධ, නාවික හා ගුවන් හමුදා සේවයේ රුපියල් 1000ක කමාන්ඩෝ දීමනාව රුපියල් 5000 දක්වා ඉහළ නංවා ඇත.

    එසේම අවුරුදු 20ක් තිස්සේ පොලීසියේ නිලධාරීන්ට අහිමිව තිබූ උසස්වීම් ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලද අතර 31,000කට අධික පොලිස් කොස්තාපල් සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක දක්වා නිලධාරීන්හට උසස්වීම් ක්‍රියාත්මක වීම පසුගිය සතියේ දී ඇරඹා ඇති බවද අමාත්‍යවරයා පැහැදිලි කළේය.

    මෙම මාධ්‍ය හමුවට මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා.ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya