අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෞද්ගලික බස්රථවල රූපවාහිනී යන්ත‍්‍ර ඉවත් කිරීමට පියවර

    ජූලි 28, 2014

    පෞද්ගලික බස්රථවල සවිකර ඇති රූපවාහිනී යන්ත‍්‍රවලින් ප‍්‍රචාරය වන වැඩසටහන් අධීක්‍ෂණය කිරීමේ වැඩපිළිවෙළක් පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍යාංශය කි‍්‍රයාවට නංවයි.

    මේ සම්බන්ධයෙන් මගීන්ගෙන් ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි.පෞද්ගලික බස්රථවල සවිකොට ඇති රූපවාහිනි යන්ත‍්‍ර මගින් ප‍්‍රචාරය වන ඇතැම් වැඩසටහන් සදාචාරාත්මක භාවයෙන් තොර බවටත්, ඒවා අධික ශබ්දයෙන් ප‍්‍රචාරය කෙරෙන බවටත්, ඇතැම් දැන්වීම් ප‍්‍රචාරයට නුසුදුසු තත්ත්වයක පවතින බවටත්, මගීන්ගෙන් පැමිණිලි ලැබී ඇත. පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍යාංශය පිළිබඳ උපදේශක කාරක සභාවේදීද මේ සම්බන්ධව සාකච්ඡාවට බදුන්  විය.
     
    සදාචාරාත්මක භාවයෙන් තොර වැඩසටහන් ප‍්‍රචාරය වීම සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අවධානය ලක් කොට ආරක්‍ෂක අමාත්‍යාංශය, පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍යාංශය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා පළාත් ප‍්‍රවාහන අධිකාරීන් සමඟ එක්ව වැටලීම් සිදුකිරීමට කි‍්‍රයා කෙරේ. ඒ අනුව සදාචාරාත්මක භාවයෙන් තොර වැඩසටහන් ප‍්‍රචාරය වන බස්රථවලින් එම රූපවාහිනී යන්ත‍්‍ර ඉවත් කිරීම සිදු කෙරෙනු ඇත.සදාචාරාත්මක භාවයෙන් තොරව ප‍්‍රචාරය වන වැඩසටහන් සම්බන්ධයෙන් වන පැමිණිලි 071 655 0000  දූරකතන අංකයට හෝ privatetransportservices යන ස්කයිප් ලිපිනය ඔස්සේ දැනුම් දෙන ලෙස අමාත්‍යවරයා මගීන්ගෙන් ඉල්ලා සිටියි.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya