අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති අස්ගිරි සහ මල්වතු නායක ස්වාමීන් වහන්සේලා බැහැදකියි- බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය එක අකුරකින්වත් වෙනස් නොකරන බව අගමැති කියයි

    දෙසැම්බර් 28, 2018

    ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කර ගැනීමේදී අස්ගිරි සහ මල්වතු මහනායක ස්වාමීන් වහන්සේලා ගත් උත්සාහයට ස්තූතිය පළ කිරීමටත් රජය මගින් ඉදිරියේදී ග්‍රාමීය මට්ටමින් දියත් කිරීමට බලාපොරොත්තු වන ඉදිරි සංවර්ධන කටයුතු පිළිබද අස්ගිරි සහ මල්වතු මහ නායක ස්වාමීන් වහන්සේලා දැනුවත් කළ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

    අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද මහනුවර දී අස්ගිරි සහ මල්වතු මහ නායක ස්වාමීන් වහන්සේලා බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

    එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කෙරෙන ඕනෑම අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වැනි වගන්තියේ බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය ලබා දීම සම්බන්ධ වගන්තිය එක අකුරකින්වත් වෙනස් නොකරන බවත්, ඒකීය රාජ්‍ය ආරක්ෂා කරමින් එය ඉදිරියට ගෙන යන බවත් මහ නායක ස්වාමීන් වහන්සේලා හමුවේ තමන් ප්‍රකාශ කළ බවද පෙන්වා දෙන ලදී.

    අද උදෑසන මහනුවරට පැමිණි අග්‍රාමාත්‍යවරයා මුලින්ම අස්ගිරි මහා විහාරයට පැමිණ එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණ ආගමික වතාවත් වල නායැපෙන ලදී..

    පසුව මල්වතු මහා විහාරයේදී එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගෙන මල්වතු විහාරයේ පැවති විශේෂ දානමය පුණ්‍යකර්මයකටද සහභාගී විය.

    DMU/Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya