මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශිය වෙරළාරක්‍ෂක, පොලිස් සහ රේගු නිලධාරින් සඳහා නාවික හමුදාවෙන් විශේෂ පුහුණුවක්

    නොවැම්බර් 23, 2018

    එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ (United Nations Office on Drugs and Crime - UNODC) නිර්දේශය මත ඉන්දුනීසියාව, මැලෙසියාව සහ පීලිපින යන රටවල්වල වෙරළාරක්‍ෂක, පොලිස් සහ රේගු නිලධාරින් සඳහා නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ (Visit Board Search and Seizure - VBSS) පාඨමාලාවක්  ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කරන ලදී.

    පාඨමාලාවේ සමාරම්භක උත්සවය සඳහා විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ අණදෙන නිලධාරි, කපිතාන් අරුණ වීරසිංහ මහතා සහ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සමුද්‍රීය නීති උපදේශකවරුන්ද සහභාගිවී සිටියහ.

    එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනය සමඟ එක්ව ශ්‍රී ලංකා නාවික හමුදාව තෙවනවරට පවත්වනු ලබන මෙම පාඨමාලාව සති 02 ක කාලසීමාවක් ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථාන‍ පරිශ්‍රයේදී පැවැත්වේ. ඒ අනුව ඉන්දුනීසියාව, මැලෙසියාව සහ පීලිපින යන රටවල්වල වෙරළාරක්‍ෂක, පොලිස් සහ රේගු නිලධාරින් 20 දෙනෙකු සහභාගී වන අතර, ඒ සඳහා ඉන්දුනීසියානු රේගු නිලධාරි 08 දෙනෙකු, මැලේසියානු වෙරළාරක්‍ෂක නිලධාරි 08 දෙනෙකු සහ පිලිපින වෙරළාරක්‍ෂක බලකායට අනුයුක්ත නිලධාරින් 02 දෙනෙකු සහ පොලිස් නිලධාරි 02 දෙනෙකු ඇතුළත් වේ. මෙම පාඨමාලාව තුළදී ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම, ලෝකයේ මත්ද්‍රව්‍ය හුවමාරු කිරීමේ ක්‍රම සූදානම් කිරීම හා ප්‍රවාහනය මැඩපැවැත්විම පිළිබඳව දැනුමක් ලබා දීමට කටයුතු කරනු ලබයි.

    මත්ද්‍රව්‍ය ජාවාරම්, අපරාධ හා ත්‍රස්තවාදී ක්‍රියාවන්ගෙන් ගෝලීය ප්‍රජාව ආරක්ෂා කර ගැනීමේ ප්‍රධානතම කාර්යය, මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත පැවැරි ඇති අතර, එම කාර්යාලය මඟින් සිය සාමාජික රටවල් සඳහා නීති විරෝධී මත්ද්‍රව්‍ය, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, සාගරික අපරාධ, ත්‍රස්තවාදි කටයුතු සහ අනවසර මිනිස් ජාවාරම් වැනි කටයුතු මර්ධනය කිරීම සඳහා සිය දායකත්වය ලබා දීමට කටයුතු කරනු ලබයි. 

    SLNavy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya