අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද්ධ හමුදා මූලස්ථානයේ දී ආරක්‍ෂක ලේකම් වෙත හමුදා ගෞරවාචාරය

    නොවැම්බර් 21, 2018

    ආරක්‍ෂක අමාත්‍යංශයේ නව ලේකම් ලෙස ධූරයේ රාජකාරි භාරගත් හේමසිරි ප්‍රනාන්දු මහතා  යුද්ධ හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වූ අතර එහිදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා හමුවිය.


    යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි නව ආරක්‍ෂක ලේකම්තුමන්ව යුද්ධ හමුදා මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ප්‍රදීප් ගමගේ විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර ඉන් පසුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් ද පිරිනැමීය.

    අනතුරුව, විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ද පිරිනමනු ලැබීය.

     ඉන් පසුව, ආරක්‍ෂක ලේකම් වෙත යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමඟින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලිය නිරීක්‍ෂණය කිරීම සඳහා පෙළපාලියේ අණදෙන නිලධාරිතුමන් විසින් ආරාධනා කළහ.

    ඉන් අනතුරුව, නව ආරක්‍ෂක ලේකම්තුමන් වෙත සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනමනු ලැබු අතර එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් විශාල පිරිසක් සහභාගි වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya