මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව කැබිනට් අමාත්‍යවරු හත් දෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

    නොවැම්බර් 09, 2018
    නව කැබිනට් අමාත්‍යවරු හත් දෙනෙක් අද (09) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
    ඒ අනුව
    01 - ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා,  වෙළෙද, පාරිභෝගික, සමූපකාර හා කි්‍රස්තියානි කටයුතු අමාත්‍යවරයා ලෙසත් 
    02 - සී.බී. රත්නායක මහතා, තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා ලෙසත්,
    04 - උදය ගම්මන්පිල මහතා , බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙසත්,
    05 - එස්.එම්. චන්ද්‍රසේන මහතා, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත්,
    06 - එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා, නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා ලෙසත් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
    මේ අතර ගාමිණි ලොකුගේ මහතා කම්කරු විදේශ රැකියා සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්,
    මහින්ද යාපා අබේවර්ධන මහතා කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍යවරයා ලෙසත් අද (09) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
    ඡායාරූප : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya