අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳව ජාත්‍යන්තර දිනය සැමරුම කොළඹ දී

    අගෝස්තු 23, 2018

    අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳව ජාත්‍යන්තර දිනය අගෝස්තු මස 30 වන දින ප.ව 3.00 සිට 5.00 දක්වා කොළඹ ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇති අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පැවසීය.

    අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ ජාත්‍යන්තර දින සැමරුමට සමගාමීව ඒ පිළිබඳව දැනුවත් කිරීමට මාධ්‍ය සාකච්ඡාවක් අද(23) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවාණාගාරයේදී පැවැත්විණි.

    සැමරුමෙහි ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති දීපිකා උඩගම මහත්මිය විසිනි. 2018 මාර්තු මාසයේදී ජාත්‍යන්තර අතුරුදහන් කිරීමට එරෙහි ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව අත්සන් කිරීමෙන් පසුව 2018 පාර්ලිමේන්තු පනත සම්මත කර ගැනීමෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2018 පෙබරවාරි මාසයේ අතුරුදහන් වූවන් පිළිබඳව සොයා බැලීමේ කොමිෂන් සභාව පත් කරන ලදී. මේ වනවිට අතුරුදහන් වීම් සහ අතුරුදහන් කරවීම් පිළිබඳ සිද්ධීන් දහස් ගණනක් උතුරු දකුණ ලෙස වෙනසක් නොමැතිව වාර්තා විය. 71 කැරැල්ල, 88/89 භීෂණ කාලය ඒ අතර බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් සහ යුද්ධයේදී සහ යුද්ධයෙන් පසු අතුරුදහන් වීම් සිදු වී ඇත. මේ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු අතර සංහිදියාව ඉදිරියට ගෙන යෑමට නම් මේවැනි සිදුවීම් වළක්වා ගත යුතු බව ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා මාධ්‍ය හමුවේ පැවසිය.

    අතුරුදහන් වූවන් පිළිබද සොයා බැලීමේ කොමිසමේ අරමුණ වන්නේ අතුරුදහන් වූවන් පිළිබද සොයා බැලීම හා ඒ සම්බන්ධයෙන් ඇති ප්‍රශ්න පිළිබදව සොයා බැලීමයි. වින්දිතයන් පිළිබඳ ප්‍රශ්න හා නිර්දේශ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන මෙම කමිටුව තුළ සාක්ෂි විමසීමක් සිදු නොකරෙන අතර අදහස් විමසීමක් පමණක් සිදු කර තිබේ. මේ වෙන විට පවුල් 2000කට ආසන්න සංඛ්‍යවක් අතුරුදහන් වූවන් පිළිබඳ කමිටුවට කැඳවා අදහස් ලබාගෙන තිබෙන බවත් ඒ සම්බණ්දයෙන් වාර්තාවක් සකස් කර 30 දින එළිදැක්වීමට නියමිත බව ද ජනාධිපති නීතිඝ්න සාලිය පීරිස් මහතා පැවසීය.

    මීට අමතරව මන්නාරම් සමූහ මිනීවළවල් සම්බන්ධයෙන්ද සාලිය පීරිස් මහතා අදහස් දැක් වූවේය. මන්නාරම සතොස ගොඩනැගිල්ල ඉදි කර තිබූ භූම්යේ සමූහ මිනී වළක් පසුගියදා සොයා ගැණුනි. ඒ සම්බන්ධයෙන් තම ආයතනය සෘජුව මැදිහත් වී
    සොයා බලන බවත් මීට අමතරව මූල්‍ය දායකත්වයද තම ආයතනයෙන් ලබා දීමට කටයුතු කරන බවත් පැවසිය. එහි කාලය නිර්ණය කිරීම අධීක්ෂණය කිරීමේ කටයුතු වලට සහයෝගය දක්වන බවද පැවසිය. මිනී වළවල් වල තිබෙන සැකිළි හඳුනගෙන එය ඥාතින්ට භාර දීමට සහය වන බවද සාලිය පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට  අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කොමිසමේ සාමාජික් සමාජිකාවන් වන අචාර්ය නිමල්කා ප්‍රනාන්දු, ජෙයදීපා පුණ්‍යමූර්ති, විශ්‍රාමික මේජර් ජනරාල් මෝහන්ති මිරාක් රහීම්, සෝමසිරි කේ ලියනගේ , කනපතිපිල්ලෙයි වේන්දන් යන මහත්ම මහත්මීන් මෙන්ම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා ද සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya