අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා ඛනිජතෙල් සේවය අගයමින් සේවකයින්ට ජනපති අතින් රන් තිළිණ

    අගෝස්තු 24, 2018

    ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් හි 25 වසරක ප‍්‍රශංසනීය සේවාවක් සම්පූර්ණ කළ සේවක මහත්ම මහත්මීන්ට රන් තිළිණ පිළිගැන්වීමේ උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  ඊයේ (23) පස්වරුවේ කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

    ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් හි 25 වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කළ සේවක මහත්ම මහත්මීන්ට රන් තිළිණ ප‍්‍රදානය කිරීම 1987 වසරේ සිට සිදු කරනු ලබන අතර 2018-08-01 දිනට 25 වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කළ සේවක මහත්ම මහත්මීන් 73 දෙනෙකු වෙත අද දින රන් තිළිණ ප‍්‍රදානය කරනු ලැබීය.

    එය සංකේතවත් කරමින් 10 දෙනෙකු වෙත රන් තිළිණ පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ. ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග, නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් හි සභාපති ධම්මික රණතුංග යන මහත්ම මහත්මීන් ඇතු`ථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya