අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යහපාලන ආණ්ඩුවට වසර තුනයි - ගම දිනූ ප්‍රජාතන්ත්‍රවාදයක්....

    අගෝස්තු 17, 2018

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වර්තමාන යහපාලන ජාතික ආණ්ඩුව පිහිටුවා වසර 03ක් 2018 අගෝස්තු 17 දිනට සම්පූර්ණ වෙයි.

    මෙම වසර තුනක කාලය තුළ ආණ්ඩුව විසින් ප්‍රජාතන්ත්‍රවාදය සහ ජාතික සංහිඳියාව ස්ථාපිත කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල, නීතිමය සහ ආයතනික ප්‍රතිසංස්කරණ රාශියක් ඇති කොට ඇති අතර, ඒ මත පදනම්ව රට සංවර්ධනයේ මාවතට පිවිස ඇත. මේ සියල්ලම කරන ලද්දේ අතිවිශාල ණය ප්‍රමාණයක් සහ එයට අදාළ පොලී මුදල්ද ආපසු ගෙවා දමමිනි.

    දේශීය ආර්ථිකය ශක්තිමත් කරමින් අපනයන ආර්ථිකයක් කරා යන ගමනේ දී ඉන්දියානු සාගරයේ සමාජ ආර්ථික හා දේශපාලන කේන්ද්‍රස්ථානය කරලීමේ අනාගත ඉලක්කය වෙනුවෙන් සමස්ත රට ක්‍රියා කරමින් සිටියි.

    ග්‍රාමීය සංවර්ධන ඉලක්ක කරගත් ව්‍යාපෘති රැසක් මේ වනවිටත් ආරම්භ කර තිබේ. යහපාලනය, සාමය , සහජීවනය, නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කොට ආරක්ෂා කිරීමට රජය කටයුතු කර තිබේ. ජාතීන් අතර සංහිදියාව ගොඩනැගීම වෙනුවෙන් රජය සුවිශේෂි කාර්යභාරයක් ඉටු කරමින් සිටියි.

    රාජ්‍ය යන්ත්‍රණය දේශපාලණීකරණයෙන් මුදවා ගනිමින් ස්වාධීන කොමිෂන් සභ පිහිටුවමින් ස්වාධීන අයිතියක්  ආයතනික සංස්ථාවලට ලබාදීමට රජය කටයුතු කළේ ය. දූෂණය, වංචාව මුලිණුපුටා දැමීමට රජය කටයුතු කරමින් සිටින අතර දීර්ඝ කාලයක් සිදු කර ගැනීමට නොහැකි වී තිබූ තොරතුරු පනත සම්මත කරගනීම, ජාතික විගණන පනත සම්මත  කර ගැනීම වැනි ජාතික මෙන් ම ජාත්‍යන්තර අවධානය හා විශ්වාසය දිනාගැනීමට සමත් වූ පනත් සම්මත කර පුරවැසි අයිතිය ශක්තිමත් කිරීමට රජය කටයුතු කළේ ය.

    නීතියේ ආධිපත්‍ය,අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත කිරීම, පාර්ලිමේන්තු ක්‍රමාය ශක්තිමත් කර ව්‍යවස්ථාදයකය ශක්තිමත් කිරීම සඳහා සුවිශේෂී අවධානයක් ගෙන කටයුතු කළේ ය.

    සුරක්ෂිත ආර්ථිකයක් ගොඩනැඟීමේ ගමනේ දී නව බදු ප්‍රතිපත්ති හඳුන්වදෙමින්, මෙතෙක් බදු ව්‍යුහයෙන් මඟහැරී තිබූ පුද්ගලයින් හා ආයතන නව බදු ප්‍රතිපත්ති හරහා ඒකරාශි කරගැනීමට රජයට හැකියාව ලැබුණි. වඩා විශ්වසනීය බදු ප්‍රතිපත්තියක් වෙනුවෙන් රජය පෙනී සිටියි. ජනතාව වෙනුවෙන් අය විය යුතු බදු අයකොට නැවත ජනතා සුබසිද්ධියටම යෙදවීම රජයේ ප්‍රතිපත්තිය වන අතර ඒ හරහා ජනතා සමාජ සුබසාධනය, නිවාස, සුනීපාරක්ෂාව, සෞඛ්‍ය, අධ්‍යාපනය, ගමනාගමනය, මාර්ග සංවර්ධනය ආදී ක්ෂේත්‍ර ගණනවක් සංවර්ධනය කිරීම ආරම්භ කර තිබේ.

    නූතන ලෝකයේ ව්‍යවසයකත්වය ශක්තිමත් කරමින් අලුත් ආර්ථික ලෝකයකට දොරටු විවර කිරීමට ''එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා'' වැඩසටහන දිවයින පුරා පුළුල් ව ක්‍රියාත්මක වෙමින් පවතී. ගමේ සංවර්ධනය ඉලක්ක කර ගත් ''ග්‍රාම ශක්ති'' හා ''ගම්පෙරළිය'' වැඩසටහන් හරහා ගම ශක්තිමත් කිරීමේ වැඩසටහන රජය විසින් ක්‍රියාවට නංවා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya