අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තම දූ දරුවන්ගේ අනාගතය පිළිබඳ සුබ සිහින දෑස් ඉදිරිපිට මැවෙන විට මේ රටේ අහිංසක ජනතාව සැබෑ ලෙස සතුටු වෙනවා

    අගෝස්තු 05, 2018

    ගමේ පාසල, රෝහල, පන්සල සංවර්ධනය වෙමින් සහ ජන ජීවිතයේ ගැටලුවලට විසඳුම් ලැබෙමින් තම දූ දරුවන්ගේ අනාගතය පිළිබඳ සුබ සිහින දෑස් ඉදිරිපිට මැවෙන විට මේ රටේ අහිංසක ජනතාව සැබෑ ලෙසම සතුටු වන බව ජනාධිපතිතුමා පවසයි.

    ලිප්ටන් වටරවුමේ සිට ඔබට දැන් සතුටුදැයි අසන දේශපාලනඥයින් ගමේ අහිංසක ජනතාව අතරට ගොස් මෙම සතුට දැක බලා ගත යුතු බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ හිඟුරක්දමන කාශ්‍යප පිරිවෙනේ අභිනව භික්ෂු නේවාසිකාගාරය සඟ සතු කොට පූජා කිරීමේ අවස්ථාවට  එක් වෙමිනි.

    පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 14 ක් වැය කරමින් මෙම සංවර්ධන කටයුතු සිදුකොට තිබේ.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ වත්මන් රජයේ සංවර්ධන වැඩපිළිවෙළේ ප‍්‍රමුඛත්වය හිමිව ඇත්තේ රටේ අහිංසක ග‍්‍රාමීය ජනතාවගේ මූලික ගැටලු විසඳීම සඳහා බවයි.

    නගරයේ සංවර්ධනය ගමට ද ගෙන ගොස් ගමට සිදුවූ සංවර්ධනයේ අසාධාරණය මඟහැරවීමට වත්මන් රජය පුළුල් වැඩපිළිවෙළක් දියත් කර තිබෙන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ ය.

    අහිංසක ගොවි ජනතාවගේ ගැටලු විසඳමින් ඔවුන්ගේ ජීවිතත්, මෙරට කෘෂි කර්මාන්තය මෙන්ම ජාතික ආර්ථිකය ගොඩනැංවීමට කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ පුළුල් පරිවර්තනයක් වත්මත් රජය අරඹා තිබෙන බව පැවසූ ජනාධිපතිතුමා, එම වැඩසටහන් සාර්ථක කර ගැනීම සඳහා උගතුන්ගේ මෙන්ම බුද්ධිමතුන්ගේ සහාය ද අවශ්‍ය බව කියා සිටියේ ය.

    හිඟුරක්දමන කාශ්‍යප පිරිවෙන් විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේ ය.

    විහාරාධිපති පූජ්‍ය මැදිරිගිරියේ විනීත නායක ස්වාමීන් වහන්සේ ද බැහැ දුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුව දුක් විමසී ය.

    උඩරට අමරපුර මහා නිකායේ මහානායක මහෝපාධ්‍යාය පූජ්‍ය නුවරඑළියේ චන්ද්‍රජෝති හිමිපාණන් වහන්සේ පුණ්‍යෝත්සවයේ මුලසුන හෙබ වූ අතර, උන්වහන්සේ විසින් විශේෂ සමරු තිළිණයක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    පිරිවෙනේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දොළොස් නමක් වෙත ඉගෙනුම් උපකරණ කට්ටල ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    නව භික්ෂු නේවාසිකාගාරය අපවත්වී වදාළ පූජ්‍ය වටගොඩ පේමානන්ද නායක හිමිපාණන් වහන්සේ නමින් නම් කරන ලෙස මෙහිදී කළ ඉල්ලීම ද ජනාධිපතිතුමා අතින් ඉටු කෙරිණි.

    පොළොන්නරුව පුරාණ ඉසිපතනාරාමාධිපති පොළොන්නරුව තමන්කඩුව දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක විශ‍්‍රාමලත් විදුහල්පති පූජ්‍ය උඩගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ ප‍්‍රදේශයේ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර ශාන්ත බණ්ඩාර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර එම්. පී ජයසිංහ, පොළොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් රංජිත් ආරියරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya