මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධනයේ අරුණළු සමග ජාතික සමගියේත්, ආගමික සංහිඳියාවේත් අරමුණු ඉටුකර ගැනීමට කැපවෙමු Featured

    අගෝස්තු 05, 2018

    දිවයින පුරා ගම් දනව් සිසාරා ගිය සංවර්ධනයේ අරුණළු සමග ජාතික සමගියේත්, ආගමික සංහිඳියාවේත් අරමුණු ඉටුකර ගැනීමට කැපවෙමු යැයි ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පොළොන්නරුවේ සිට සියලුදෙනාට ඇරුයුම් කරයි.

    ජනතාවගේ දුගී බව තුරන් කරමින් ජාති, ආගම්, කුල බේදයකින් තොරව සියලුදෙනාට සංවර්ධනයේ ප‍්‍රතිලාභ ලබාදීමේ යෝධ වැඩපිළිවෙළ වත්මන් රජය යටතේ දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නංවා තිබෙන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ලංකාපුර අල්හිලාල්පුර ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවති වැඩසටහනකට   එක්වෙමිනි.

    පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ නිම කෙරුනු සංවර්ධන ව්‍යාපෘති 180 ක් දින 03 ක් තුළ ජනගත කිරීමේ වැඩසටහනේ අවසන් දිනය වන අද දින ද ව්‍යාපෘති 61 ක් ජනාධිපතිතුමාගේ සහ දේශපාලන පක්ෂ බේදයකින් තොරව මැති ඇමතිවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ජනතා අයිතියට පවරාදීම සිදු කෙරිණි.

    රුපියල් කෝටි 6000 ක වියදමින් පස් අවුරුදු සැලැස්මක් ලෙස කි‍්‍රයාත්මක පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ පසුගිය වසර 03 තුළදී ජනතා අයිතියට පවරාදෙන ලද සංවර්ධන ව්‍යාපෘති සිය ගණනකට වැඩි සංඛ්‍යාවට අමතරව මෙම සංවර්ධන ව්‍යාපෘති 180 ජනතා අයිතියට පැවරුණු අතර ඊයේ සහ පෙරේදා දිනවලදි ද ව්‍යාපෘති 60 බැගින් ජනතා අයිතියට පවරා දෙනු ලැබුවේ පක්ෂ විපක්ෂ බේදයකින් තොරව දේශපාලන නියෝජිතයින්ගේ මෙන්ම විද්වතුන්ගේ ද සහභාගිිවයෙනි.

    කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු මෙන්ම විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ විද්වතුන් ඇතුළු සියයකට ආසන්න පිරිසක් එම අවස්ථාවන්ට එක්ව සිටියේ පොළොන්නරුවට සිදු වූ දීර්ඝ කාලීන සංවර්ධනයේ අසාධාරණය මග හරවමින් එහි ජන ජිවිතය සුඛිත මුදිත කිරීමට එම ජනතාව අතරින් ගොඩනැගුණු නායකයා ලෙස ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා ගන්නා වෙහෙසට සිය උපරිම දායකත්වය ලබාදීමේ යුතුකම ඉටු කරමිනි.

    මෙහිදි මැති ඇමතිවරුන් පෙන්වා දුන්නේ තම දේශපාලන ගමනේ ආරම්භයට ශක්තිමත් අත්වැලක් වූ ආදරණීය ගම්වාසි ජනතාව අමතක නොකොට ඔවුන් වෙනුවෙන් යුතුකම් ඉටුකිරිමේ සැබෑ නායකත්වයේ පරමාදර්ශී ගුණය ජනාධිපතිතුමා පිළිබිඹු කළ බවයි. මේ අනුව පෙර රජ දවසින් පසු ඓතිහාසික පුලතිසිපුරය ගොඩනැංවූ නායකයා ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉතිහාසයකට එක්වනු ඇති බව ද ඔවුන් පෙන්වා දුන්හ.

    මෙම දින 03 තුළ ජනගත කෙරුණු ව්‍යාපෘති අතර දිස්ති‍්‍රක්කයේ සෑම පාසලකම සිදුකෙරුණු සංවර්ධන කටයුත්තක් සිසු අයිතියට පවරාදීම විශේෂත්වයක් වූ අතර, රෝහල් සංවර්ධනය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ පහසුකම් පුළුල් කිරීම, මාර්ග සංවර්ධනය, පානීය ජල පහසුකකම්, ආගමික ස්ථාන වැඩිදියුණුව ඇතුළු සංවර්ධන කටයුතු රැසක් සිදු විය.

      ජනගත කෙරෙණු සංවර්ධන ව්‍යාපෘති අතරින් පාසල් අධ්‍යාපනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබූ අතර ඒ වෙනුවෙන් වූ ව්‍යාපෘති 40 කට ආසන්න ප‍්‍රමාණයක් සිසු අයිතියට පවරාදීම සිදු විය.

    අල්හිලාල්පුර ජුම්මා මුස්ලිම් පල්ලියේ සිදු කෙරුණු සංවර්ධන කටයුතු ජනතා අයිතියට පවරාදීම ජනාධිපතිතුමා අතින් සිදු විය. ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කරමින් විශේෂ ආශිර්වාද පූජාවක් ද ආපු බක්කර් මවුලවිතුමා විසින් සිදුකළහ. අමාත්‍ය රිෂාඞ් බදුර්දීන්, කාදර් මස්තාන් සහ මැදිරිගිරිය ආසනයේ මුස්ලිම් ප‍්‍රදේශභාර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක එම්. නසාර්ඞීන් මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර හිඟුරක්දමන කාශ්‍යප පරිවෙණේ රුපිල් මිලියන 14 ක වියදමින් ඉදිකෙරෙන භික්ෂු නේවාසිකාගාර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම ද අද ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු විය.

    ළගම පාසල – හොඳම පාසල වැඩසටහන යටතේ හබරණ මහා විද්‍යාලයේ ඉදිකෙරුණු තෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම සහ ගුරු නිල නිවස විවෘත කිරීම   සිදුවූයේ ද ජනාධිපතිතුමා අතිනි.

    විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගත්හ.

    පසුගිය අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක්වූ හිරුෂ සංකල්ප සිසුවා සහ නිමේෂා සඳමිණි සිසුවිය වෙත තිළිණ පිළිගැන්වීම සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි. විද්‍යාලයේ විමුක්ති සුනෙත් දරුවා විසින් චිත‍්‍රයට නඟන ලද ජනාධිපතිතුමාගේ රුව රැගත් සිතුවමක් ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි. විදුහල්පති ඊ.එම්.ජී ඒකනායක මහතා විසින් ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීය.

    ශාන්ත බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    තමන්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සේවාමුක්ත කඳවුර මහා විද්‍යාලයේ නව පංතිකාමර ගොඩනැගිල්ල සහ වීරපුර කණිෂ්ඨ විද්‍යාලයේ නව පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම සහ රුපියල් මිලියන 12 ක වියදමින් ලංකාපුර මහා විද්‍යාලයේ ඉදකෙරුණු ප‍්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීම අද සිදුවූයේ අමාත්‍ය සරත් අමුණුගම, පාර්ලිමේන්තු මන්තී‍්‍ර සිඩ්නි ජයරත්න, උතුරු මැද පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙනි.
    ලංකාපුර ජයන්ති කණිෂ්ඨ විද්‍යාලයේ නව පංතිකාමර ගොඩනැගිල්ල සහ කෑගලුගම කණිෂ්ඨ විද්‍යාලයේ නව පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදෙනු ලැබුවේ අමාත්‍ය පියසේන ගමගේ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාලක කොලොන්නේ යන මහත්වරුන් විසිනි.

    ලංකාපුර කිරිමැටිය කණිෂ්ඨ විද්‍යාලයේ නව දෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල සහ පටුනුගම පුලස්තිගම ශ‍්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවන්ට අමාත්‍ය මහින්ද අමරවීර සහ පාරිලිමේන්තු මන්තී‍්‍රවරුන් වන විජේපාල හෙට්ටිආරච්චි, මලිත් ජයතිලක යන මහත්වරුන් එක්වූහ.

    තමන්කඩුව, පරාක‍්‍රම සමුද්‍රය ශී‍්‍ර බෝධිරුක්කාරාම විහාරස්ථානයේ රුපියල් මිලියන 7 ක වියදමින් ඉදිකළ ධර්මශාලා ගොඩනැගිල්ල විවෘත කිරීම සහ පරාක‍්‍රම සමුද්‍රය මහා විද්‍යාලයේ නව පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් එක් වූහ.

    ධීවරගම අල්මදිනා මුස්ලිම් ප‍්‍රාථමික විද්‍යාලයේ නව පංතිකාමර ගොඩනැගිල්ල සහ නෙළුම්පුර අල්ඉක්රා මුස්ලිම් ප‍්‍රාථමික විද්‍යාලයේ පංතිකාමර ගොඩනැගිල්ල නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක සහ චම්පිකා පේ‍්‍රමදාස යන මහත්වරුන් අතින් සිසු අයිතියට පවරාදෙන ලදී.

    තමන්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සහිරා මුස්ලිම් ප‍්‍රාථමික විද්‍යාලයේ නව පංතිකාමර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට සහ රුපියල් මිලියන 37 ක වියදමින් ඉදිකෙරෙන පලුගස්දමන මහා විද්‍යලයේ නව පංතිකාමර ගොඩනැගිල්ලේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානයක, නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආශු මාරසිංහ යන මහත්වරුන් එක් වූහ.

    ලංකාපුර අභයපුර මහා විද්‍යාලයේ ඉදිකෙරුණු නව පුස්තකාලය සහ රුපියල් මිලියන 13 ක වියදමින් හිඟුරක්දමන මහා විද්‍යාලයේ ඉදිකෙරුනු සෞන්දර්ය ඒකක ගොඩනැගිල්ල සහ රුපියල් මිලියන 04 ක වියදමින් ඉදිකළ දන්ත ශල්‍යාගාර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අතින් සිදු විය.

    රුපියල් මිලියන 24ක වියදමින් දිවුලාන අල් අක්ෂා මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකෙරෙන දෙමහල් පන්තිකාමර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් සහ රාජ්‍ය ඇමතිනි ශ‍්‍රියානි විජේවික‍්‍රම මහත්මිය අතින් සිදු කෙරිණි.

    තමන්කඩුව ඇතුමල්පිටිය ප‍්‍රාථමික විද්‍යාලයේ නව පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම, ලක්ෂඋයන ප‍්‍රජා ශාලාව සහ ලක්ෂඋයන ජනපද නිලධාරි නිවස විවෘත කිරීමේ අවස්ථාවට අමාත්‍යවරුන් වන විජිත් විජයමුණි ද සොයිසා, ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් සහභාගී වූහ.

    ලංකාපුර අල් රිෆායි මහා විද්‍යාලයේ දෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම, සිංහපුර ප‍්‍රාථමික විද්‍යාලයේ නව පංතිකාමර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම සහ තමන්කඩුව කුරුදුවත්ත ශ‍්‍රී සුමනාරාම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු විවෘත කිරීමේ අවස්ථාවන්ට මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර, පාර්ලිමේන්තු මන්ති‍්‍රනි තුසිතා විජේමාන්න යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya