අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුත්තලම ග‍්‍රාමශක්ති “ගම හදන ගමන” වැඩසටහනේ ජනතා ඉල්ලීමට කඩිනම් ප‍්‍රතිචාර Featured

    ජූලි 25, 2018

    දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ක‍්‍රියාවට නංවන ලද පුළුල් ජනතා ව්‍යාපාරය වූ ග‍්‍රාමශක්ති වැඩසටහනට සමගාමීව ක‍්‍රියාත්මක වන ”ගම හදන ගමන” වැඩසටහනේ පළමු වැඩසටහන පසුගිය දා පුත්තලම දිස්ත‍්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.

     

    ග‍්‍රාමීය ජනතාවගේ සංවර්ධන ගැටලුවලට ක්ෂණික විසඳුම් ලබාදීම ”ගම හදන ගමන” වැඩසටහන හරහා සිදුකෙරෙන අතර එහිදී දිස්ත‍්‍රික්කයේ සියලුම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි ජනතා නියෝජිතයින් එකම ස්ථානයකට ගෙන්වා ඔවුන්ගේ සංවර්ධන ගැටලු ජනාධිපතිතුමාට ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙනු ලැබිණි.

    ඒ අනුව පුත්තලම දිස්ත‍්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවති වැඩසටහනේ දී ඉදිරිපත් වූ පිරිසිදු පානීය ජල ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදීමේ අරමුණින් ජනාධිපතිතුමාගේ උපදෙස් මත වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහනේ මෙහෙයවීමෙන් පුත්තලම නවගත්තේගම, ආණමඩුව සහ දංකොටුව යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ප‍්‍රති ආශ‍්‍රැතිකරණ ජල පද්ධති ස්ථාපිත කෙරිණි.

    එම ජල පද්ධති ජනාධිපතිතුමා විසින් දුරස්ථ සන්නිවේදන තාක්ෂණය ඔස්සේ ජනාධිපති කාර්යාලයේ සිට  ඊයේ (24) පස්වරුවේ විවෘත කරනු ලැබීය.

    එම අවස්ථාව උත්සව භූමියේ සිටි ජනතාවට සජීවීව දැක ගැනීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් ද සලසා තිබුණු අතර උත්සව භුමිය තුළ දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් රැුසක් රැු`දී සිටිමින් ඊට දායකත්වය දැක්වූහ.

    නවගත්තේගම ප‍්‍රාථමික විද්‍යාලය, ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලය සහ දංකොටුව මැටිකොටුව නෙළුම් උයන ප‍්‍රාදේශීය සභාව සතු උයනේ මෙම ප‍්‍රති ආශ‍්‍රැතකරණ ජල පද්ධති ස්ථාපනය කර තිබේ.

    ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක ප‍්‍රතිලාභීන් 3000 ක් වෙනුවෙන් දිනකට ජලය ලීටර් 10000 ක් බැගින් සැපයීමට මෙම ජල පද්ධති මගින් හැකියාව ලැබේ.

    වකුගඩු රෝගය මෙරටින් තුරන් කිරීම සඳහා ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජනතාවට පිරිසිදු පානීය ජල පහසුකම් ලබාදීමේ අරමුණ ඇතිව ශ‍්‍රී ලංකාව පුරා ප‍්‍රතිලාභීන් 1,092,500 ක් වෙනුවෙන් රුපියල් මිලියන 675 ක වියදමින් ප‍්‍රති ආශ‍්‍රැතිකරණ ජල පද්ධති (RO Plants) 450 ක් මේ වනවිට දිවයින පුරා පිහිටුවා අවසන් කර ඇත.

    ජනාධිපතිතුමා සමග මේ අවස්ථාවට වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ ව්‍යාපෘති අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල මහතා ද එක්ව සිටියේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya