අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මූල්‍ය ගනුදෙනුවලදී ක්ෂුද්‍රණය සමාගම්වලට හසු වූ කාන්තාවන්ට විශේෂ සහනයක්- මහජන මුදල් අවභාවිතා කළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා

    ජූනි 07, 2018

    මූල්‍ය ගනුදෙනුවල දී ක්ෂුද්‍රණය සමාගම්වලට හසු වූ කාන්තාවන්ට ජූනි මාසය ඇතුළත විශේෂ සහනයක් ලබාදීමට කටයුතු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (7) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    ආර්ථිකය කඩා වැටීම හා මූල්‍ය ආයතන බිඳ වැටීම් සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කරමින්, ජනතාවගේ මුදල් ආපසු ලබාගැනීමට කඩිනම් විසදුමක් ලබදිය යුතු බවත්, එවැනි මූල්‍ය
    ආයතනවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව ද කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් මන්ත්‍රී  අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

    එහිදී පිළිතුරු ලබාදුන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙසේ අඳහස් දැක්වීය

    කාලෝචිත යෝජනාවක් ඉදිරිපත් කිරීම ගැන සතුටු වෙනවා. එතුමා කිව් බොහෝ කාරණා එක්ක මාත් එකඟ වෙනවා. මෙම මූල්‍ය සමාගම සහ ග්‍රාමීය මට්ටමේ (පොළී කාක්කන් ) ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් ඇති කළ තත්ත්වය  ඛේදජනකයි. උතුරේ, උතුරු මැද පළාතේ, නියඟය පවැති දිස්ත්‍රික්කය තුළ මේ ප්‍රශ්නය ඉතාමත්ම තදබල ලෙස  තිබෙනවා. අහිංසක කාන්තාවන් ඉලක්කය වී තිබෙනවා. මෑතකදී යාපනයේ කාන්තාවන් දෙදෙනෙක් සියදිවි නසා ගත්තා, ගෙවන්න බැරුව. මේ සම්බන්ධයෙන් දැනටමත් අවධානය යොමු කර විසඳුමක් සොයාගෙන තිබෙනවා. පක්ෂ පාට නොමැති කමිටුවක් හදලා, මහබැංකුවේ නිලධාරීන්, භාණ්ඩාගර නිලධාරීන් සමඟ ක්ෂණික හා දීර්ඝ  කාලීන විසඳුමක් සොයන්න අවශ්‍යයි. යම් යම් පුද්ගලයන් පවා මේ පාර්ලිමේන්තුවේ විවිධ මත ප්‍රකාශ කළත්, වර්තමාන මහබැංකු අධිපතිතුමා හා එහි  නියෝජ්‍ය අධිපතිවරුන් ගැනත් පූර්ණ විශ්වාසයක් තිබෙනවා.

    ආර්ථිකයේ දැඩි අර්බුදයක් නැති වුණත්, මේ මූල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන කීපයක අස්ථාවර බව ඇති වී  තිබෙනවා. මූල්‍ය ආයතන කඩ වැටීමට විවිධ හේතු බලපාන්න පුළුවන්. නිසි මූල්‍ය කළමනාකරණයක් නොමැති  වීම, අදූර දර්ශී ලෙස ණය නිකුත් කිරීම, දුර්වල කළමනාකරණය, වංචනික ක්‍රියා ද ආයතන කඩා වැටීමට  බලපානවා.

    දැනට රට තුළ ශ්‍රී ලංකා මහබැංකුව යටතේ ලියාපදිංචි කර ක්‍රියාත්මක වන මුල්‍ය සමාගම 44 පමණ තිබෙනවා.  මේ සමාගම් ජනතාවගේ තැම්පත් ලබගන්නා අතර ඊට අමතරව ගණුදෙණු කරුවන් වෙත ලීසිං සහ වෙනත් ණය  ලබාදීමේ කටයුතු සිදු කරනවා.

    අප පසුගිය දසක කීපය තුළ මෙවැනි මුල්‍ය අයතන කඩා වැටීම නිසා රජයන් විසින් මහජන මුදල් විශල වශයෙන්  තැම්පත්කරුවන්ට ගෙවූ අවස්ථා තිබෙනවා. තැම්පත්කරුවන්ට රටේ සංවර්ධනයට සහ ජනතා සුබසාධනයට වෙන් කර තිබෙන රටේ මූල්‍ය සම්පත් විවිධ වාංචනික හෝ අයතා ක්‍රියා හෝ කළමනාකරණ දුර්වලතා නිසා අර්බුදයන්ට ලක් වූ ආයතනයන් වෙනුවෙන් වන්දි විදියට ගෙවීම කෙතරම් සාධරණ දැයි නැවතත් සිතිය යුතුයි.


    ශ්‍රි ලංකා තම්පතු රක්ෂණ ක්‍රමය හා ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය නමින් යෝජනා ක්‍රමයක් පවත්වගෙන  යනවා.ඒ මඟින් කුඩා පරිමාණ තැම්පත් කරුවන්ට සහන සැලසෙනවා. මහජන මුදල් අවභාවිතා කළ පුද්ගලයින්ට  එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා. පනත් සංශෝධන කරලා මීට වඩා නීති පැනවිය යුතුයි. ඒ පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.

    ජනතාවට වංචා කළ මූල්‍ය සමාගම්වල අධ්‍යක්ෂවරු 155ක් හඳුනාගෙන තිබෙනවා. නීතිමය ක්‍රියාමාර්ග ගෙන  තිබෙනවා.තැම්පත්කරුවන්ට වන්දි ලබාදීමෙන් පසුව අදාළ මූල්‍ය සමාගම් ඈවර කිරීමට නීතිමය ප්‍රතිපාදන  තිබෙනවා.

    තැම්පත් කරුවන් අසරණ තත්ත්වයට පත් වී තිබෙන්නේ. මෙම මාසය තුළ ක්ෂුද්‍ර ණය සමාගම්වලට හසු වූ  කාන්තාවන්ට මේ මසය ඇතුළත විශේෂ සහනයක් ජූනි මාසයේ 22 දා ප්‍රකාශයට පත් කරන්න බලාපොරොත්තු  වෙනවා.ඒ සහනය අනුව රුපියල් 150,000කට වඩා අඩුවෙන් ණය ගත් සියලුම පොළිය කපා හැර එය රජය දර  ගන්නවා. මෙම යෝජන ක්‍රමය යටතේ මුළු ලංකාවේම කාන්තාවන්ට සහනය ලබාදෙනවා යැයි ද අමාත්‍යවරයා  පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya