අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ආර්ථිකය ශක්තිමත් - තැම්පත් කරුවන් වෙනුවෙන් විසඳුමක් ලබා දෙනවා-මහබැංකුවේ රක්ෂණ සීමාව පුළුල් කර තිබෙනවා

    ජූනි 07, 2018

    ආර්ථිකය ශක්තිමත්ව තිබෙනවා. මහබැංකුවේ රක්ෂණ සීමාව පුළුල් කර තිබෙනවා. ''බැංකුව'' යන්න පාවිච්චි කරනවා නම් එය මහ බැංකු අධීක්ෂණය යට‍තේ තිබිය යුතු යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අද (7) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ඇතම් පෞද්ගලික මූල්‍ය සමගම්වල මුදල් තම්පත් කළ තම්පත්කරුවන්ට මේ දිනවල මුහුණ දීමට සිදුව ඇති ගැටළුව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී සභව කල්තබන අවස්ථාවේ යෝජනාවක් ලෙස විවාදයක් පැවැත්විණි.
    සභාව කල්තැබීමේ අවස්ථාවේ යෝජනාව විපක්ෂයේ ප්‍රධන සංවිධායක, මන්ත්‍රී අනුර කුමාර දිසානයක මහතා විසින් ඉදිරිපත් කර තිබුණි.

    විවාදයේ දී අඳහස් දැක්වූ අමාත්‍යවරයා;

    චෙක්පත් රැසක් අඟරුවන බවට අද ප්‍රකාශ වුණා. ‍මෙය දණ්ඩ නීති සංග්‍රහ‍යේ බරපතල වරදක්. එය දැනටමත්  නීති‍යේ ති‍බෙනවා. ‍අද රජය විවෘතව කටයුතු කරනවා. වාද විවාද කරන්න පුළුවන්. ‍තොරතුරු දැන ගන්න  පුළුවන්. සුදු වෑන් අද එන්නේ නැහැ. විශාල ‍වෙනසක් ති‍බෙනවා.

    මූල්‍ය ආයතන උතුරට යාම සම්බන්ධ‍යෙන් කතා කළා. යුද ගැටුම් අවසන් වී‍මෙන් පසුව මූල්‍ය සමාගම් උතුර ගි‍යේ  එම ප්‍රදේශ සංවර්ධනය කරන්නයි. නමුත් ‍චෝදනාවන් ති‍බෙනවා. අධික ‍පොළී අනුපාතයන්ට ණය දී ති‍බෙනවා  කියනවා. එවැනි ‍දේ අපි ‍හෙළා දකිනවා. යුද්ධය අවසන් වීමත් සමඟ අපි උතුරු නැ‍ගෙනහිරට අවධානය ‍‍යොමුකර  ති‍බෙනවා. 2008/2009 වසරවල ආසියා‍වේ මූල්‍ය අර්බුදයක් ඇතිවුණා. එහි බලපෑම ලංකාවටත් තිබුණා. ‍මේ  අර්බුදය අවසන් ‍කොට ගැටළුවක් ‍නොවන ආකාර‍යේ කටයුතු කරන්න එදා රජය පියවර ගත්තා. එදා ගත් තීරණය  වැරැදියි. ඒ නිසා ‍මේ අර්බුදය උග්‍ර වී ති‍බෙනවා. 2005 වනවිට ‍මේ ර‍ටේ මූල්‍ය සමාගම් 28ක් තිබුණා නමුත් පසුව  එය 44 දක්වා ඉහළ දැම්මා. එදා ඥාති සබඳතා හා ‍දේශපාලන හිතවත්කම් මත මූල්‍ය සමාගම්වලට ලයිසන්  ලබාදුන්නා .‍

    ‍මේ නිසා අර්බුදය උග්‍ර වුණා. ලීසිං සමාගම් සඳහා බලපත්‍ර 6ක් ලබාදුන්නා. අහිංසක තැන්පත්කරුවන්ට විශාල  අසාධාරණයක් සිදුව ති‍‍බෙනවා. ‍මෙවැනි තත්ත්වයක් සිදුවීම සම්බන්ධ‍යෙන් කණගාටු ‍වෙනවා. මුදල් ඇමැති‍ගේ මැදිහත්වී‍මෙන් තැන්පත්කරුවන් සහ විපක්ෂ මන්ත්‍රීවරු එකඟ වී ‍මේ සඳහා යම්කිසි විසඳුමක් ලබාදිය යුතු වෙනවා. එය අ‍පේ වගකීමක්. ද්‍රවශීලතාවය අවම වනවිට ‍යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. මහබැංකුවේ රක්ෂණ සීමාව පුළුල් කර තිබෙනවා. මීට ‍පෙර උපරිමය රුපියල් ලක්ෂ තුනයි තිබු‍ණේ. නමුත් දැන් රුපියල් ලක්ෂ හය  දක්වා ඉහළ නංවා ති‍බෙනවා. යම් මූල්‍ය ආයතනයක් හදා ගන්න බැරිනම් ඈවර කිරී‍මේ තීරණයක් ගන්න පුළුවන්. ඉදිරි‍යේ දී තැන්පතු මුදල් ලබා‍දෙන්න පියවර ගන්නවා. මුදල් ඇමැතිවරයාට කිසිම ‍හේතුවක් ‍නොමැතිව පහර  ගැසීම ර‍ටේ ආර්ථිකයට පහර ගැසීමක් ‍වෙනවා. බැංකු එකතුකළ යුතුයි කියන න්‍යයයට පැමිණිය යුතුයි. එහි වාසිය තැම්පත්කරුවන්ට හා ණය ගන්න අයට ලබෙනවා.

    ‍මේ කඩා වැටීම් සිදුවු‍ණේ පසුගිය කාල‍යේ දී. ඒ අය මුදල් ‍හොරකම් කළා. සමූපාකාර ව්‍යාපාරවලත් ‍මෙවැනි ප්‍රශ්න ති‍බෙනවා. ‍මෙවැනි ආයතන සම්බන්ධ‍යෙන් නීතිමය පියවර ගන්නවා. බැංකුව යන්න පාවිච්චි කරනවා නම් එය  මහ බැංකු අධීක්ෂණය යට‍තේ තිබිය යුතුයි. සමෘද්ධිය ‍බෙදනවා. සමෘද්ධි බැංකුව මහ බැංකු අධීක්ෂණ‍යෙන් පිට  ති‍බෙන්නේ. එය සංවර්ධනයට අවශ්‍යයි කියනවා. බැංකුව යන්න පාවිච්චි කරන්න එපා. බැංකුවක් නම් මහජන  තැන්පතු ගන්නවා නම් මහ බැංකු‍වේ අධීක්ෂණය යට‍‍තේ තිබිය යුතුයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya