මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරියගේ ස්ථාන මාරුව පිළිබඳව ලේකම් කරුණු පහදයි Featured

    ජූලි 17, 2014
    හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරිය සම්බන්ධව අමාත්‍යංශය වෙත පසුගිය කාලවකවානුවේ ලැබී ඇති විශාල මහජන පැමිණිලි සංඛ්‍යාව පදනම් කරගෙන ප්‍රාදේශීය ලේකම්වරියගේ ස්ථාන මාරුව සිදුකර ඇති බවත් එය දේශපාලන මාරු කිරීමක් නොවන බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් පී.බී. අබේකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
     
    ස්ථානමාරුව සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු විවිධ පාර්ශවයන් විසින් මේ සම්බන්ධව එල්ල කරනු ලබන චෝදනා සම්බන්ධව සත්‍ය හෙළිකිරීමට මෙම නිවේදනය නිකුත් කරන බවත් එහි වේ.
     
    මහජනතාව සමඟ සුහදව කටයුතු නොකිරීම, අකාර්යක්ෂම පරිපාලනය ඇතුළු චෝදනා එම නිලධාරිනියට විරුද්ධව එල්ලවී ඇති පැමිණිලි අතර ප්‍රධාන තැනක් ගනී.
     
    ප්‍රාදේශීය පරිපාලනයේදී ප්‍රාදේශීය ලේකම්වරුන්ට විරුද්ධව පැමිණිලි විශාලව ලැබුණු අවස්ථාවල පරීක්ෂණයක් පැවැත්වෙන තුරු හෝ පරීක්ෂණය පැවැත්වීමෙන් පසු රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වෙත කැඳවීම සාමාන්‍ය ක්‍රියාපටිපාටිය වන බවත් මෙය හුදෙක් සාමාන්‍ය ස්ථාන මාරුවක් බවත් ඒ මහතා සඳහන් කරයි. 
     
    පසුගිය 11දා ඌව පළාත් සභාව විසුරුවා හැරිය බවත් ඊට ප්‍රථම මෙම ස්ථාන මාරුවීම සිදු කළ බවත් අවධාරණය කෙරේ.
     
    එම නිසා මැතිවරණය ඉලක්ක කර ගෙන දේශපාලන බලපෑමක් මත ප්‍රාදේශීය ලේකම්වරිය ඉවත් කර ඇති බවට විවිධ පාර්ශව නඟන චෝදනා  පදනම් විරහිත අසත්‍ය චෝදනා බව එම නිවේදනය මගින් අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරත් සඳහන් කරයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya