මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමෘද්ධි බැංකු පවරා ගැනීමට ඉඩ දෙන්නේ නැහැ- ඇමැති පී. හැරිසන්

    මැයි 14, 2018

    මොනම හේතුවත් නිසාවත් සමෘද්ධි බැංකුවට පවරා ගැනිමට තමා ඉඩ නොදෙන බවත් එවැනි අවශ්‍යතාවයක් නොමැති බවත් සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.

     අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවතී  සමෘද්ධි නිලධාරි හමුවකදි ඒ මහතා මේ බව ප්‍ර‍කාශ කළ අතර සමෘද්ධිලාභියා ශක්තිමත් කිරීමට පෙර සමෘද්ධිය  භාරව සිටින පිරිස  ශක්තිමත් විය යුතු බව ද සඳහන් කළේය.

    රාජ්‍ය පාරිපාලන අමාත්‍යාංශය හැරුණු විට සමස්තයක් ලෙස බලන විට ලංකාවේ වැඩිම සේවක පිරිසක් සිටින අමාත්‍යාංශය මෙය වන අතර සමෘද්ධි නිලධාරීන් දේශපාලනය කරන පිරිසක් බවට දකින බවත් ඔවුන්ගේ සේවා ස්ථීරත්වය, විශ්‍රාම වැටුප, මරණ පාරිතෝෂිත මුදල් සම්බන්ධයෙන් විශ්වාසයක් නැති තත්ත්වයට පත් වී සිටින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    වසර ගණනාවක් මෙම සමෘද්ධි නිලධාරීන්ගේ ප්‍ර‍ශ්න විසඳන්න බැරි වුවත් තම මෙම අමාත්‍යාංශයෙන් යාමට කලින් සියලු සමෘද්ධි නිලධාරීන්ගේ ස්වය ස්ථාවර කර විශ්‍රාම වැටුප් හදන බවත් සමෘද්ධි කළමනාකරුටත් සමෘද්ධි නිලධාරීන්ට අවශ්‍ය රාජකාරී කටයුතු කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

    ලබන සතියේ මේ පිළිබඳව වැඩපිළිවෙළක් සකස් කිරීමට නිතීපති දෙපාර්තමේන්තුව රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ, නිතීඥවරුන් එක්ක සාකඡාවක් පවත්වන බව සඳහන් කළ ඒ මහතා 994 ඉඳලා විශ්‍රාම වැටුප් ක්‍රමයට ඇතුල් කිරීමට උපරීම වශයෙන් උත්සහා කරන බව ද සඳහන් කළේය.

    සේවකයාගේ රස්සාවේ ස්ථිරභාවය ආරක්ෂා කිරීම, කළමනාකරුවන්ගේ ස්ථිර භාවයත් විශ්‍රාම වැටුපත් ඇති කිරීම සිදු කරන අතර වැඩ කිරීම සිදු විය යුතු බවත් එහිදී සමෘද්ධි බැංකු පාඩු නොලැබිය යුතු අතර බැංකුව පාඩු ලැබුවොත් කළමණාකරුත්, අධ්‍යක්ෂකත් වගකිව යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

    සමෘද්ධි බැංකු 200 ක් සංවර්ධනය කිරීමට මෙම වසරේ සැලසුම් කර තිබෙන බවත්  හොඳම බැංකු තියෙන අයට ඊළඟ උසස්වීම සූදානම් කරන ලෙස උපදෙස් ලබාදී තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

     
    "සමෘද්ධි කළමණාකරුට සමෘද්ධි නිලධාරියාට සමෘද්ධියේ වැඩ කරන ඕනෑම කෙනෙකුට වැටුප ඇපයට තබාගෙන ණය ලබාගත හැකි ක්‍රමයක් සකස් කරනවා. ඒ වගේම මේ බැංකුව අනෙක් අයටත් විවෘත කල යුතුයි. එවිටයි බැංකුව ශක්තිමත්ව ඉදිරියට ගෙන යා හැකි වෙන්නේ. ඒ  සඳහා සමෘද්ධි බැංකුවේ ණය නිතී රීති ලිහිල් කල යුතුයි. සියලු ම සමෘද්ධි බැංකු නවීකරණය කිරීමේ වැඩපිළිවෙලක් ඉක්මණින් ම ක්‍රියාත්මක කල යුතුයි. එය බැංකුවේ නාම පුවරුවේ සිටම මුළු රටේම එකම ආකෘතියකට අනුව සකස් කල යුතුයි.

    මොන ම හේතුවක් නිසාවත් සමෘද්ධි බැංකුව මහ බැංකුවට පවරා ගැනීමට මම ඉඩ දෙන්නේ නැහැ.එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. ඒ පිළිබඳව කිසිම කෙනෙක් සැකයක් බයක් තියා ගන්න අවශ්‍ය නැහැ. මට දුන්න වගකීම මම උපරිමයෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබගේ සහයෝගය ලබාදිය යුතුයි. මහ බැංකුවේ නිලධාරියෙක් එනවා මේ බැංකුව  පිළිබඳව කටයුතු සොයා බලන්න. භාණ්ඩාගාර නිලධාරියෙකුත් එනවා. ඔහුන් මේ පිළිබඳව සොයා බලා වර්තා සකස් කර ඉදිරිපත් කරයි. මම බලාපොරොත්තු වෙනවා අපේ අමාත්‍යාංශය සමඟ අනෙකුත් අමාත්‍යාංශ හා ඒකාබද්ධව වැඩපිළිවෙලක් ආරම්භ කරන්න. විශේෂයෙන් නිවාස අමාත්‍යාංශය , ග්‍රාමිය ආර්ථික කටයුතු අමාත්‍යාංශය  වැනි අමාත්‍යාංශ වල ක්‍රියාත්මක වැඩසටහන් අපේ අමාත්‍යාංශයේ වැඩසටහන් වලට ලේසියෙන් සම්බන්ධ කල හැකි වෙනවා. ඒ සඳහා ප්‍රාදේශිය ලේකම්ගේ සහාය ලබාගෙන කටයුතු සම්බන්ධිකරණය කරගැනිමට අපේ ප්‍රාදේශිය නිලධාරින් දක්ෂ විය යුතුයි. " යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya