අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දිය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී දිවයිනට

    මැයි 14, 2018
    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා ද්විපාර්ශ්වික සබඳතාවන්හි වැදගත්කම සාකච්ඡා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයකට අනුව ඉන්දියානු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat) දින හතක නිල සංචාරයක් සඳහා ඊයේ (13) දින සන්ධ්‍යාවේ දී  ශ්‍රී ලංකාවට පැමිණියහ.
     
    කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී එතුමන්ව උණුසුම් අයුරින් පිළිගෙන සම්ප්‍රදායානුකුල වෙස් නර්තන ශීල්පින්ගේ නර්ථනය මධ්‍යයේ රතු පලස මතින් කැටුව යන ලදි.
     
    කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්ද්‍රිකා සේනානායක මැතිණිය විසින් ඉන්දිය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat) සහ මධුලිකා රාවට් මහත්මිය (Mrs Madhulika Rawat) උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
     
    සාමාජිකයින් පස්දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසට ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat) එම මැතිණිය මධුලිකා රාවට් (Mrs Madhulika Rawat), මේජර් ජෙනරාල් ප්‍රීති සිං (Major General Prithi Singh), බ්‍රිගේඩියර් මුකේෂ් අග්රවාල් (Brigadier Mukesh Aggarwal) සහ මේජර් අන්ෂුල් අල්වට් (Major Anshul Ahlawat) ඇතුලත් විය.
     
    සම්බන්ධීකරණ නිලධාරි මේජර් ජෙනරාල් අරුණ සුදසිංහ, ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතන් අශෝක් රාඕ සහ යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද ඉන්දිය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු පිරිස පිළිගැනීම සඳහා ගුවන් තොටුපළට පැමිණ සිටියහ.
     
    මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන සංචාරය අතරතුර, ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ තවත් රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිපදෙනෙකු හමුවීමට නියමිතව ඇත. මීට අමතරව, බත්තරමුල්ලේ පිහිටි ඉන්දිය සාම සාධක හමුදා (Indian Peace Keeping Force) ස්මාරකය වෙත ද පුෂ්පෝපාහර පුද කිරීමට නියමිතව ඇත.  තවද, සංචාරක නියෝජිත පිරිස දියතලාවේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ මෙන්ම ත්‍රිකුණාමලය සහ ගාල්ල ප්‍රදේශයේ ද සංචාරය කිරීමට නියමිතය.
     
    සංචාරක ඉන්දිය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීගේ මැතිණිය මධුලිකා රාවට් මහත්මියට (Mrs Madhulika Rawat) ගෞරවයක් වශයෙන් යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්ද්‍රිකා සේනානායක මැතිණිය සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් එක්ව ප්‍රධාන වැඩසටහනට සමගාමීව තවත් පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කිරීමට නියමිතය.
     
    ඉන්දිය මහකොමසාරිස් අතිගරු ටරන්ජිත් සිං සඳු (His Excellency Mr. Taranjit Singh Sandhu), යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සහ තවත් ශ්‍රී ලංකා යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු කොළඹ පිහිටි ටාජ් සමුද්‍රා හෝටල් (Taj Samudra Hotel) පරිශ්‍රයේ දී සංචාරක නියෝජිත පිරිස උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya