මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභිනවයෙන් ඉදිකරන ලද පොළොන්නරුව දිස්ති‍්‍රක් කම්කරු කාර්යාලය ජනපති අතින් විවෘත කෙරේ Featured

    මාර්තු 31, 2018

    අභිනවයෙන් ඉදිකරන ලද පොළොන්නරුව දිස්ති‍්‍රක් කම්කරු කාර්යාලය ඊයේ (30) පෙරවරුවේ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පත් කෙරිණි.

    අංග සම්පූර්ණ පහසුකම්වලින් සමන්විත මෙම තෙමහල් කම්කරු කාර්යාලය පොළොන්නරුව කදුරුවෙල නගරයේ ස්ථාපිත කර තිබෙන අතර, වැය කර ඇති මුදල රුපියල් මිලියන 158කි.

    පොළොන්නරු දිස්ති‍්‍රක්කයේ විවිධ ආයතන 3,000 කට ආසන්න ප‍්‍රමාණයක, සේවක සේවිකාවන් 50,000කට පමණ මෙම නව කාර්යාලය මගින් දෛනික සේවාවන් ලබාගත හැක.

    සමරු ඵලකය නිරාවරණය කර නව කම්කරු කාර්යාලය ජනතා අයිතියට පැවරූ ජනාධිපතිතුමා එහි විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

    කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ද පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් රංජිත් ආනන්ද මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya