අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව වෙත ඉඩම් ඔප්පු 1053ක් ගොවි ජනතාවට Featured

    මාර්තු 31, 2018
    දිවයිනම සමෘද්ධිමත් කරමින් රටට බත සපයන ගොවි ජනතාව වෙත තමන් දීර්ඝ කාලයක් පුරා භුක්ති විදින ඉඩම් කොටසේ නීත්‍යානුකූල අයිතිය ලබාදෙමින් දිවයින පුරා ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ඛෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව වෙත ඉඩම් ඔප්පු 1053ක් ඛෙදාදීමේ වැඩසටහන ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ දී පැවැත්විණි. 
     
    තමන්කඩුව, ලංකාපුර, පොළොන්නරුව, ඇලහැර සහ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගොවි ජනතාව වෙනුවෙන් මෙම ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම සිදුවූ අතර එය සංකේතවත් කරමින් කිහිප දෙනෙකු වෙත ඉඩම් ඔප්පු ප්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු විය.
    ඊට සමගාමීව ශ්‍රී ලාංකීය බුද්ධ ශාසනයේ චිරස්ථීතිය උදෙසා විහාරස්ථාන 03කට පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීමත්, ආගමික සංහිදියාව පුථල් කරමින් ඉස්ලාම් දේවස්ථානයකට භූමිය වෙන්කර දීමත්, රජයේ කාර්යාල පිහිටි ඉඩම්වල එම කාර්යාලවල කළමණාකරණය කාර්යක්ෂම කිරීම සදහා ඉඩම් පැවරුම් 14 ක් ලබාදීම සහ, පාසල් පද්ධතියේ උන්නතිය උදෙසා පාසල් සදහා ඉඩම් ලබාදීම ද සිදු  කෙරිණි.
    පොළොන්නරුව වකුගඩු රෝහල ඉදිකෙරෙන භූමියට අදාළ ඉඩම් පැවරුම ද මෙහිදී විශේෂ හිමිකම් පත්‍රයක් මගින් වෛද්‍යාධිකාරි සම්පත් ඉන්දික කුමාර මහතා වෙත භාරදීම ජනාධිපතිතුමා අතින් සිදුවිය. 
    අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක,ඩබ්.ඩී.ෙජ්. සෙනෙවිරත්න, අකිල විරාජ් කාරියවසම්,  රාජ්‍ය අමාත්‍ය ටී.බී ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්නේ යන මහත්වරුන් ඇතුථ පළාතේ මහජන නියෝජිතයින් රැසක් සහ දිස්ත්‍රීක් ලේකම් රංජිත් ආරියරත්න මහතා ඇතුථ රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
    ( ඡායාරූප : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය ) 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya