මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතන කෙරෙහි රජයේ දැඩි අවධානය - සෞඛ්‍ය අමාත්‍ය

    මාර්තු 14, 2018

    විවිධ විවේචන හේතුවෙන් පෞද්ගලික අධ්‍යාපන ආයතන කෙරෙහි රජය දැඩි අවධානය යොමු කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රධානෝත්සවයට පසුගියදා එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - මාලඹේ තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලය දශක දෙකකට පෙර ආරම්භ කරනු ලැබුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමින් සභාවේ අනුමැතිය ලත් උපාධි ප්‍රදානය කරන ආයතනයක් ලෙසයි. පසුගිය වසර කිහිපය පුරා වෘත්තීයවේදීන්  25,000 ක් පමණ මෙම විශ්වවිද්‍යාලය මගින් බිහි කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින හිඩැසක් මෙම ආයතනය මගින් පිරවිමට කටයුතු කරනවා. රැකියා වෙළෙදපොල ඉළක්ක කර ගත් උසස් අධ්‍යාපනයක් මෙම ආයතනය මගින් ලබාදීම ඉතා වැදගත්.
     
    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් වසරක දී 145000 ක් පමණ සමත් වුවත් විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් ලබන්නේ 45000 ක් පමණයි. සෙසු පිරිසෙන් සියයට 15 ක් පමණ විදේශීය විශ්ව විද්‍යාලවලට ඇතුලත්ව උපාධිය හදාරන අතර, තවත් පිරිසක් විකල්ප අධ්‍යාපන ක්‍රම කෙරෙහි අවධානය යොමු කරනවා. සියයට 85 ක් පමණ රැකියා ඉළක්ක කර ගනිමින් කටයුතු කරනවා. රාජ්‍ය විශ්ව විද්‍යාලවල තත්ත්වය පිළිබදව ද අවධානය යොමු කළ යුතුයි. මෙම ආයතනය පිළිගත් අධ්‍යාපනයක් ලබාදෙනවා. 70 දශකයේ අගභාගයේ සිය විශ්ව විද්‍යාලවල වැරැදි අධ්‍යාපන සැළසුම් හේතුවෙන් උපාධිධාරීන්ගේ තත්ත්වය පහළ ගිය බව විවෘත රහසක්.
     
    ඔවුන්ගේ උපාධියට සරිලන රැකියා දේශීයව සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා. මෙය අර්බුදයක් එම නිසා පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීම නව සංකල්පයක් වුනා. 2010 වසරේ දී උසස් අධ්‍යාපන අමාත්‍යධූරයට පත් වූ එස්.බී දිසානායක මහතා පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනය කෙරෙහි දැඩි අවධානය යොමු කළා. විරෝධතා එල්ල වුවත් එම වැඩපිළිවෙල දියත් කළා. ඒ අතර තිත්ත සත්‍ය දැනගත් පිරිසක් ද සිටියා. ඔවුන් අතර පුජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් ප්‍රමුඛයෙක් වුනා. සෑම අධ්‍යාපන ක්‍රමයකම අවසන් ප්‍රතිඵල ලාභියා වන්නේ ශිෂ්‍ය ප්‍රජාවයි.
     
    මෙහිදී එම විශ්ව විද්‍යාලයේ දක්ෂතා දැක් වූ සිසුන්ට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් රන් සම්මාන පිරිනමන ලදි.
     
    මෙම අවස්ථාවට එම විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය ලක්ෂ්මන් එල්. රත්නායක මහතා, උපකුලපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා, ඇතුලු අචාර්ය මණ්ඩලය, සිසු දරු දැරියන් ඇතුලු අචාර්ය මණ්ඩලය එක්ව සිටියහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya