නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපවත් වී වදාළ පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි.

    මාර්තු 07, 2018

    කොළඹ සම්බෝධි විහාරාධිපති, බෞද්ධයා නාළිකාවේ නිර්මාතෘ අපවත් වී වදාළ පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

     අද පස්වරුවේ කොළඹ සම්බෝධි විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වූ අතර මහා සංඝරත්නය වෙත මෙන්ම දායක සභාව වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

    අනතුරුව ආදාහන පූජෝත්සවයේ කටයුතු පිළිබදව ද කරුණු විමසා බැලීය.

     

    ( ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya