බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව වන්ධ්‍යාකරණය සඳහා වර්තමානයේ ඇති එකම ක්‍රමය ශල්‍යකර්මයක් බවත් වන්ධ්‍යාකරණය සඳහා මේ දක්වා බටහිර වෛද්‍ය ක්‍රමයන් හි ඖෂධමය ක්‍රමයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මේ දිනවල මාධ්‍ය මගින් මතු කෙරෙන වඳ පෙති පිළිබඳ ව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ දැනුවත් කිරීම වෙනුවෙන් මෙම නිවේදනය නිකුත් කොට ඇත.
ඒ අනුව වන්ද්‍යාකරණයට කාන්තාවන් සඳහා LRT සැත්කමද, පුරුෂයන් සඳහා වාසෙක්තමී සැත්තමද වන බව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.