නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රැකියා නොමැති සියලු උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ඉදිරි මාස 06 තුළ කි‍්‍රයාවට නැංවෙයි Featured

    මාර්තු 03, 2018

    මැතිවරණය හේතුවෙන් කල්දැමූ සම්මුඛ පරීක්ෂණ ඉදිරි මාස දෙක තුළදී පවත්වා දිවයිනේ සියලූ උපාධිධාරින්ට රැකියා ලබාදීමේ කටයුතු ඉදිරි මාස 06 තුළ කි‍්‍රයාවට නංවන බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ මඩකලපුව දිස්ත‍්‍රික්කයේ උපාධිධාරීන් සඳහා ගුරු පත්වීම් ප‍්‍රදානය කිරීම වෙනුවෙන් අද (03) පස්වරුවේ මඩකළපුව, වෙබර් කි‍්‍රඩාංගණයේ පැවති උත්සවය අමතමිනි.

    උපාධිධාරීන් දෙසීය දෙනෙකුට සහ ඩිප්ලෝමාධාරින් හතළිස් දෙදෙනෙකුට මෙහිදී ගුරු පත්වීම් ප‍්‍රදානය කෙරුණු අතර, එය සංකේතවත් කරමින් 21 දෙනෙකුට පත්වීම් ප‍්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදුවිය.

    නව අධ්‍යාපන ප‍්‍රතිපත්ති හා සැලසුම් තුළින් අධ්‍යාපන ක‍්‍රමයේ යම් යම් වෙනස්කිරීම් සිදු කිරීම කෙරෙහි රජය අවධානය යොමුකර ඇති බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා මෙරට පවතින අධ්‍යාපන ක‍්‍රමයේ අඩුපාඩු හේතුවෙන් රටට සම්පතක් වන උපාධිධාරීන් ද විරෝධතා කිරීමට පෙළඹී ඇති බව කියා සිටියේය.

    නැගෙනහිර පළාතේ ගුරු වෘත්තියේ මෙන්ම අනෙකුත් රාජ්‍ය සහ පළාත් ආයතනවල පුරප්පාඩු සඳහා උපාධිධාරින් බඳවා ගැනීම කඩිනමින් සිදු කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

    දීර්ඝ කාලයක් පුරා උතුරු නැගෙනහිර පළාත් වල පැවති යුදමය තත්ත්වය හේතුවෙන් අඩාල වූ සංවර්ධන කටයුතු කාර්යක්ෂම කිරීමට විශේෂ ජනාධිපති කාර්ය සාධන බළකායන් දෙකක් පිහිටුවීමට තමා කටයුතු කරන බවත් ඒ සඳහා සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ සහය අපේක්ෂා කරන බවත් ජනාධිපතිතුමා සඳහන් කරන ලදී.

    එමෙන්ම දැනට නැවතී ඇති නැගෙනහිර පළාතේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීම පිළිබඳව සොයා බලන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    නැගෙනහිර පළාතේ පාසල්වල විද්‍යාගාර සඳහා අවශ්‍ය උපකරණ කට්ටල ලබාදීමේ වැඩසටහන යටතේ පාසල් 03 ක් සඳහා උපකරණ කට්ටල ප‍්‍රදානය මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, රාජ්‍ය අමාත්‍යවරුන් වන එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, ශ‍්‍රීයාණි විජේවික‍්‍රම, නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අලී සහිර් මවුලානා, නැගෙනහිර පළාත් සභාවේ සභාපති චන්ද්‍රදාස ගලප්පත්ති, ප‍්‍රධාන ලේකම් සරත් අබේගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් ද පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මින් අනතුරුව මඩකලපුව ශ‍්‍රී මංගලාරාම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුව දුක් විමසීය.

    මේ අතර මඩකලපුව ශ‍්‍රී මාමාංග ඊෂ්වර කෝවිල වෙත ද ගිය ජනාධිපතිතුමා එහි පැවති ආගමික වතාවත්වලට සහභාගීවී ආශීර්වාද ලබාගත්තේය.

    කෝවිල අසළ ඇති මාමාංග වැව මෙහිදී ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්වූ අතර එහි ප‍්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙසට ආණ්ඩුකාරවරයා වෙත උපදෙස් දුන්නේය.

    අනතුරුව ආණ්ඩුකාර නිල නිවස වෙත ගිය ජනාධිපතිතුමා එම පරිශ‍්‍රයේ පැළයක් රෝපණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya