උතුරු පළාතේ හැර සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දකුණු සහ බස්නාහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදීත් වැසි බලාපොරොත්තු විය හැක.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සමහර ප්‍රදේශවල (මි.මි 75-100 පමණ) තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි බවද අද (3) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.